රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කෝසල සේනාධීර මහතා යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබේ.
ඔහු කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටියේය.
මීට පෙර ඔහුට එල්ල වී තිබුණේ නිල නිවසට අනවසරයෙන් විදුලිය සහ ජලය ලබාගත් බවට වන චෝදනාවකි.
මේ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් මාස 27ක කාලයක් තිස්සේ විධිමත් විමර්ශනයක් සිදු කර ඇත.
ඒ අනුව සියලු චෝදනාවලින් නිදොස් වූ ඔහු, හිඟ වැටුප් ද සහිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අනුයුක්ත කර තිබේ.


