කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක විසින් ක්‍රිකට් නව පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1)වැනි ව්‍යවස්ථාව යටතේ විශේෂ තීරණයක් ලබාදෙන ලෙසයි ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
යෝජිත මෙම නව පනත මඟින් දිස්ත්‍රික් සංගම්වලට ජන්ද අයිතිය අහිමි කරන බවත් සමාජ ජන්ද වලින් 80%කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ සමාජ වෙත පවරන බවත් ස්වාධීන විය යුතු ආයතනයක් මත විධායකයට අධික පාලනයක් ලබා දෙන බවත් ආචාර්ය චානක සේනානායක සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෙම පෙත්සම මගින් සමස්ත පනත කෙටුම්පතම බලරහිත කිරීමට ඉල්ලා නොසිටින අතර ක්‍රිකට් පාලන ආයතනය සෑම පළාතකටම සාධාරණ වන පරිදි සහ අනවශ්‍ය දේශපාලන පාලනයෙන් තොර වන පරිදි සංශෝධනය සිදුකිරීම එහි අරමුණයි.
නීතිපතිවරයා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දක්වා තිබේ.


