*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

පැරදුණත් වාර්තා පිටින්…

ලෝක කුසලානය අරඹමින් ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව දැවන්ත ලකුණු 102 ක පරාජයක් ලැබීය.එම පරාජයට ප්‍රධානම හේතුව වූයේ කාසියේ වාසිය ලැද ශ්‍රී ලංකා නායකයා දකුණු අප්‍රිකාවට පන්දුවට පහර දීමට ආරාධානා කිරීමෙන් පසු ඔවුන් කඩුලු 5 ට ලකුණු 428 ක් රැස් කිරීමය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවද සාමාන්‍යයෙන් එක්දින තරගයක් ජයග්‍රහණය කිරීමට සුදුසු විශාල ලකුණු සංඛ්‍යාවක් ලෙස ලකුණු 326 ක් ලැබුවත් ජයග්‍රහණය අති විශාල ලකුණු සංඛ්‍යාවක් එකතු කළ දකුණු අප්‍රිකාවට හිමි විය.එම ලකුණු ප්‍රමාණය ලෝක කුසලාන තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 326 ට එම ලකුණු ප්‍රමාණය ද එකතු වුවහොත් එම එකතුව වූ ලකුණු 754 ද ලෝක කුසලාන එක්දින තරගයක වැඩිම ලකුණු ගණන ලෙස වාර්තා පොත් අතරට එකතු වන්නේය. මීට පෙර තරගයක එකතු වූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2019 වසරේ ට්‍රෙන්ට් බ්‍රිජ්හිදී ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර රැස්කළ ලකුණු 714යි


ලෝක කුසලාන ඉණිමක ශතක තුනක් වාර්තා වීම දකුණු අප්‍රිකානුවන් අතින් සිඳු විය.ඒ ක්වෙන්ටම් ඩි කොක් (100),රෂි වැන්ඩර් දුෂෙන් 108 සහ ඒඩ්න් මාර්ක්රම් 106 ලෙස එම ලකුණු ගණන වාර්තා වූ අතර ඒ අතරින් පන්දු 54 න් ලකුණු 106 ක් ලැබූ මාර්ක්රම් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.එහිදී ඔහු පන්දු 49 දී රැස් කළ ශතකය ඊට පෙර එංගලන්තයට එරෙහිව අයර්ලන්තයේ කෙවින් ඕ බ්‍රයන් ලෝක කුසලාන තරගයක පන්දු 50 දී රැස් කර පිහිටුවා තිබූ වාර්තාව දෙවැනි වන්නේය.


එසේම මතීහ පතිරණ (95),කසුන් රාජිත (90),ඩිල්ෂාන් මධුශංක(86) සහ දුනිත් වෙල්ලාලගේ (81) ලෙස පන්දු යවන්නක් හතර දෙනෙකු එක ඉණිමකදී ලකුණු 80 ට වැඩියෙන් ලබා දීම ද වාර්තාවක්ය.එම දුර්වල පන්දු යැවීමේ සංධානය තරගයකදී පහක් බවට පත් කරන්නට දකුණු අප්‍රිකාවේ ජෙන්සන් ද එකතු වූයේ ඔහුගන්ද ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 92 ක් ලබා ගත් නිසා ය.ඉණිමක ලකුණු 80 ඉක්මවා ලබා දුන් පන්දු යවන්නන් සිව් දෙනෙක් සිටීමේ වේදනාව මීට පෙර එංගලන්තයට එරෙහිව ඉකුත් වසරේ තරගයක පන්දු යැවූ නෙදර්ලන්ත පන්දු යවන්නන් ද විඳ ඇත.


එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර 2019 දී පැවති ලෝක කුසලාන තරගයකදී දෙපිලේ ක්‍රීඩකයින් හයේ පහර 31 ක් එල්ල කරමින් තබා තිබූ වාර්තාවද සම විය.මේ තරගයේදී ද හයේ පහර 31 ක් එල්ල වී තිබිණ.එයින් වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා වුණේ ශ්‍රි ලංකා කණ්ඩායමෙන්ය.එම ප්‍රමාණය 17 කි.තරගයේ වැඩිම පෞද්ගලික හයේ ප්‍රමාණය වාර්තා කළේ කුසල් මෙණ්ඩිස්ය.එම ප්‍රමාණය 8 කි.පන්දු 42 දී වාර්තා වූ ලකුණු 76 න් ලකුණු 64 ක් ම හයේ සහ හතරේ පහර විය.
දකුණු අප්‍රිකාව පාලනය කිරීම පහසු එකක් නොවේය.මේ දිනවල ලොව සිටින භයානකම පිතිකරුවන් නාමාවලිය ඔවුන්ගේය.මේ ඔවුන් පිට පිටම ලකුණු 300 ඉක්මවා ලකුණු රැස් කළ සිව්වන එක්දින ඉණිමය.මෙය 400 ද පසු කර ගියේය.ඉතිරි ඉණිම තුනේ දී මේ වේදනාව වින්දේ දකුණු අප්‍රිකාවට එදිරිව ආ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ වෙති.


ලකුණු 80 ට වඩා ලබා දුන් පන්දු යවන්නන් සිව් දෙනෙක් ලංකාවට සිටීම මෙන්ම මේ තරගයේදී ශතක සහිත පිතිකරුවන් තිදෙනෙක් දකුණු අප්‍රිකාවට සිටීම ද අපූරු දස්කමක්ය.එක්දින ලෝක කුසලාන නැතත් එක්දින පිටියේ ප්‍රවේගකාරී ඉණිම්වලට දකුණු අප්‍රිකාවේ නමට ඉතිහාසයක් ඇත.ශතක තුනක් සහිත දකුණු අප්‍රිකානු මීට පෙරද දෙවතාවකදී වාර්තා වී තිබෙන අතර මීට පෙර එම වේදනාව විඳ ඇත්තේ ජොහැන්නස්බරග් හී දී බටහිර ඉන්දීය කොදෙව්වන් සහ මුම්බායී හී දී ඉන්දියාවය.
ශ්‍රී ලංකාවේ පරාජය මේ තරගාවලියේ ලකුණු සටහනේ එංගලන්තයට ඉහළ තැනකින් ශ්‍රී ලංකාව තබන පරාජයක්ය.ඊයේ විහාල වේලාවක් රැඟෙන නැවත ලකුණු අතරට එන්නට දසුන් ශානක සමත්වීම යහපත්ය.එමෙන්ම කුසල් සහ චරිත් අසලංක ක්‍රීඩා කළ ඉණිම් දෙකද පීඩනය හමුවේ ඉහළින්ම ඇගයිය යුතුය.ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ හැකියාවද ප්‍රදර්ශනය කරමින් වරින් වර චාමික කරුණාරත්න ද රූපවාහිනි කැමරාවලින් මතු විය.දසුන් ශානක වාර්තාගත ජයග්‍රහණයකට පිත්ත මෙහෙයවන මොහොතක අනිත් පස විශ්වාසයෙන් රැක දුන්නේ චාමිකය.එසේම පන්දු යැවීමද සහිතව පිඩාවට ඔරොත්තු දෙමින් පන්දු යවමින් කඩුලු අතර සිටියදී කණ්ඩායමෙන් පිටත රැඳවූ චාමික ඊයේ පන්දු යවන්නන් සිව් දෙනෙක්ම ලකුණු 80 ට වඩා ලබා දෙද්දී ක්‍රීඩාගාරයේ සිට බලා සිටින අයුරු ද දැක ගන්නට ලෝකයටම අවස්ථාව ලැබිණි.
කෙසේ වුව මේ තරගය අපූරු අත්දැකීමක් විය.පහසු නැත.ලකුනු 754 ක් එකතු වෙන තරගයක් බලා සිටීම ක්‍රිකට්මය ආශ්වාදය අතින් ඉහළය.හරියට ගිනිකෙළි සංදර්ශනයක් බඳුය.ලකුණු සටහන පහතින්ය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/south-africa-vs-sri-lanka-4th-match-1384395/full-scorecard
ලකුණු සටහන
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/south-africa-vs-sri-lanka-4th-match-1384395/points-table-standings

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan