*
Friday, October 25, 2024
spot_img

Latest Posts

මහ බැංකුවේ මිලියන 50ක් ඉතිරිවූ කතාව අසත්‍යයක් – කබ්රාල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ බැංකුවේ මිලියන 50ක් ඉතිරිවූ කතාව අසත්‍යයක් බවත් , 2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

“ගොඩක් අය හිතුවා IMF නැතුව වෙනත් සැලසුමක් නැහැ කියලා. ඒ කාලය තුළදී අපි ලබාගත් සම්පූර්ණ විදේශීය ආදායම් මිලියන 4,950. දැන් IMF හරහා වසර 4කින් ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ මිලියන 2,900යි. මිලියන 4,950ක් අරන් තිබුණා ඒ වෙලාව වෙනකොට ණය ගෙවන්නයි අනෙක් දේවල්වලටයි. මහ බැංකුවේ මිලියන 50ක් ඉතිරිවූ කතාව අසත්‍යයක්. මාර්තු මාසයේ අග මිලියන 1,917ක් තිබුණා.චීනයෙන් ණය ගැනීමට චීනයට කතා නොකර ණය පැහැර හැරීම නිවේදනය කළා. මේක කුමන්ත්‍රණයක්.”

රටේ සිදුවූ මූල්‍ය බංකොලොත් භාවයට හේතුවූ කරුණු පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan