මව සමඟ මිය ගිය කිරිසප්පයා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට 2023 වසරේ දී සැප්තැම්බර් 22 දක්වා අලි මරණ 335ක් වාර්තා වී ඇති අතර, ඉන් ස්වභාවික මරණ වාර්තා වන්නේ අටක් පමණි. එම ඉතා කණගාටු දායක වාර්තාව අලුත් කරමින් තවත් අලි මරණයක් වාර්තා වූ අත‍ර, ඒ හිසට වෙඩි තැබීමෙන් පසු කැකිරාව, වෙරුන්කුලම වැව ආසන්නයේ දී පසුගිය දා මිය ගිය කෙනරකගේ සිරුර හමුවීමත් සමඟයි.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සොයා ගැනුණේ ,මිය ගිය කෙනරගේ කුස තුළ මාස තුනක පමණ කළලයක්ද තිබූ බවයි . මෙම කෙනරගේ වයස අවුරුදු 25-30 අතර බවට අනුමාන කරන බව වනජීවී නිලධාරීහු පවසන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කෙනරගේ හිසේ අඟල් 18ක් පමණ ගැඹුරේ තිබූ වෙඩි උණ්ඩ කොටස් සොයා ගෙන ඇත. ඔක්තෝම්බර් 04 වැනිදා ගම්වාසීන් මේ කෙනෙර ගැන වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබිණි.

ලොව පුරා සත්ව හිංසනයන් පිළිබඳව වාර්තා කරන WWF වැනි ආයතන ද ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කරනු ලබන ආකාරයට වාර්ෂිකව අලි ඇතුන් විසි දහසක් ,තිස්දහසක් (20,000 – 30,000) පමණ ලොව පුරා ඝාතනය වන බවයි.

2022 වසරට අදාළ ව එහි පෙරමුණ ගෙන සිටින්න්නේ ශ‍්‍රී ලංකාවයි, ඉන් පසු අලි ඇතුන් හාරසිය (400) ගණනකට වඩා ඝාතනය කළ ටැන්සානියාව දෙවන ස්ථානයත්, හාරසිය (400) ගණනකට ආසන්නව ඝාතනය කල මොසැම්බික් රාජ්‍යය තෙවන ස්ථානයටත් පත්ව අති බව ඉතා කණගාඅටුවෙන් වුවද කිව යුතුව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...

චෙම්මනි ඛේදවාචකය: මිනිස් සිරුරු100 ඉක්මවයි, ස්ථානීය ආරක්ෂාවත් දැඩි කරයි! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...

වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි...