*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

අගමැති කපු වවන්න කතාකරයි!

කොළඹ LNW: මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැරණි නීති මත නොසිට, නව නීති ගොඩනගා ගත යුතු බවත් ආර්ථික අර්බුදයට පිළියමක් සොයා යාමේදී වගා නොකළ ඉඩම් අක්කර දහස් ගණනක කපු වගාකළ යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ලෝක කපු දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය සුවිශේෂී දිනයක් ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ ලෝකවාසීන්ට ප්‍රයෝජනවත් නිසා බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

”බොහෝ දිස්ත්‍රික්කවල රජයට අයත් වගා නොකළ ඉඩම් අක්කර දහස් ගණනක් තිබෙනවා. මේ ඉඩම් කපු වගාව වැනි ප්‍රයෝජනවත් කර්තව්‍යයකට යොදාගත යුතුයි. ඒ සදහා අපගේ සහයෝගය ලබාදෙන්න සූදානම්. අඛණ්ඩ ජාතික වැඩපිළිවෙලක් තුළින් කපු වගාව ව්‍යාප්ත කිරීම මගින් ග්‍රාමීය ජනයාගේ ආදායම් වැඩි කරමින්, රටේ විදේශ විනිමය ආරක්ෂා කළ හැකියි. ඒ සඳහා පෞද්ගලික අංශය දරන උත්සාහයන් අගය කරනවා. මෙවැනි වගාවක නිරත වෙන්න ගොවි ජනතාවටත්, ව්‍යාපාරික ජනතාවටත් විශ්වාසය අවශ්‍යයි. ඒ සදහා අපේ විශ්ව විද්‍යාල ඇතුළු අනෙකුත් පර්යේෂණ ආයතන එක්ව සහයෝගය දීම අවශ්‍ය වෙනවා. අතිරේක ආදායමක් ලෙස කුඩා ගෙවතුවල කපු වගාව කළ හැකි ක්‍රමවේදයක් සකසා ගන්න ඕනේ. කෘෂිකර්මාන්තයෙන් අපට හිස එසවීමේ හැකියාව තියෙනවා කියන විශ්වාසයෙන් ජනපද බිහි කිරීම ආරම්භ කර වසර සියයකට ආසන්නයි. ඒ ජනපදවල සෑම ගොඩ ඉඩමකම තවත් වගාවක් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සදහා ජනතාව යොමු කිරීමට අවශ්‍යයි. ඒ සදහා අදාළ ආයතන ගෙන්වා සාකච්ඡා කරන්න අපි සූදානම්. සමහර ගොඩනැගිලිවල මෙරටට ගෙන්වූ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. සමහරක් අපේ රටට තෑගි කරපුවා. මේ සම්පත් විශ්වවිද්‍යාල වලට හෝ ව්‍යාපාරයකට දී ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපි මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ එන්න නම් එවැනි වෙනසකට භාජනය විය යුතුයි. ඒ සඳහා පැරණි නිති මත නොසිට නව නීති ගොඩනගා ගත යුතුයි. එක්සත් ජනපදය, ඇමරිකාව ඉන්දියාව, චීනය, ඊජිප්තුව වැනි රටවල් අදටත් කපු නිෂ්පාදනයේ යෙදී සිටිනවා. බීජ නිෂ්පාදනය හා බීජ මගින් කළ හැකි විපුල ප්‍රයෝජන අපි ජනතාවට පහදා දිය යුතුයි. විශ්ව විද්‍යාල මහජන ගම්මාන සමඟ වැඩකරන දොරටු විවර කර ගැනීම තුළින් අනාගතයේ විශ්ව විද්‍යාලයෙන් පිටවෙන දරුවන්ටත් ප්‍රයෝජනයක්. අපි ගෝස් කෑල්ලත් විදේශයෙන් ගෙන්වනවා. ජීවන ජිවන දර්ශකය අඩුවෙලා. ඒත් බඩු මිල අඩු නැහැ. ගොවීන් අතිරික්ත නිෂ්පාදයක් කරලා තිබුණත් ජනතාවට තිබෙන මිලදි ගැනීමේ හැකියාව මතයි මිල තීරණය වෙන්නේ.”

ගොවියන්ට මිල පිළිබඳ විශ්වාසය අවශ්‍ය අතර ඒ සදහා පෞද්ගලික අංශය හා රජය එකතාවයකින් මිල තීරණය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan