විදෙස් ප්‍රේෂණවල වාර්තාගත වැඩි වීමක්!

Date:

කොළඹ LNW: විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 4345.1 දක්වා වැඩි වී තිබේ.

2022 වසරේ එම කාලය තුළ මෙම අගය ඇමරිකානු ඩොලර් මිලියන 2574.7 ක් ලෙස දක්වා තිබුණි.

ඒ අනුව 2022 වසරට සාපේක්ෂව එය 68.8% ක වැඩිවීමක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ.

2022 වසරේ සැප්ගැම්බර් මාසයේ ප්‍රේෂණ ඩොලර් මිලියන 359.3 ක් වු අතර එය 2023 සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 482.4 ක් වී තිබේ..

මෙම වැඩිවීම විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට උපකාරී වනු ඇති අතර ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික ප්‍රකෘතිමත් වීම වේගවත් කිරීම සඳහා සහ ආර්ථික වර්ධනයට ශක්තියක් වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළකරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...