ඊශ්‍රායල ගැටුම් වලින් ශ්‍රී ලාංකිකයෙකුටත් තුවාල.තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – විදේශ කටයුතු අමාත්‍යාංශය

Date:

කොළඹ LNW: ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකුට සුළු තුවාල සිදුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ රමල්ලාහි ශ්‍රී ලංකා දූත මණ්ඩලය එරට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ.

ගැටුම් හමුවේ බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින අතර
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම හේතුවෙන් සිදුවන ජීවිත හානි පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි එම නිවේදනයෙන් තවදුරටත් පවසන්නේ.

ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසද සියලු පාර්ශවයන්ගෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...