ඉදිරි වසර ශක්තිමත් ආරම්භයක් ගනීවී – මහ බැංකුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට 2023 අවසන් භාගයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, පුද්ගලික අංශයේ ණය ගැනීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ඇති බවයි.

“වර්ෂය අවසාන වීමත් සමඟ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ණය ප්‍රවාහය තවදුරටත් පුළුල් වනු දැකිය හැකි අතර, ඉදිරි වසර සඳහා ශක්තිමත් ආරම්භයක් සඳහා මෙය මාර්ගය සකසනු ඇත,” යනුවෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (07) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

පොලී අනුපාත අඛණ්ඩව පහළ යන බැවින් වඩාත් කැපී පෙනෙන ණය ප්‍රමාණයේ ඉහළ යාම පිළිබඳ සුබවාදී අදහස් පළ කරමින් වීරසිංහ මහතා පෞද්ගලික අංශයේ ණය වර්ධනය පිළිබඳ පැහැදිළි ආකාරයෙන් අදහස් දැක්වීය.

වර්තමාන ප්‍රවණතාවය වන්නේ වැඩි ණය ලබා ගැනීම පමණක් නොව, මූල්‍ය පිරිවැය නැවත ප්‍රකෘති කිරීම බවද ,ණය පොලී අනුපාත තවදුරටත් පහත වැටෙන විට, ආයෝජන සහ පරිභෝජනය ඉහළ යාමක් අපේක්ෂා කරන අතර මෙය අපගේ මූල්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියා පිළිවෙතයි ” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සංවර්ධනය අඩු වීම සීමා කිරීමටත්, ආර්ථික ගමන් මග ධනාත්මක වර්ධනක් කරා ගෙන යාමටත් සූදානම් වීමක් බවද ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට පුද්ගල සහ ව්‍යාපාරවලට දැනට පවතින මුදල් කොන්දේසි ලිහිල් කිරීමේ වාසි කඩිනමින් සහ ඵලදායී ලෙස ලබාදීමට කටයුතු කිරීමට මූල්‍ය අංශය දිරිමත් කිරීමක්ද සිදුවනු ඇත.

මේ අතර, පුද්ගලික අංශයට ලබා දෙන ණය අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 7,098 දක්වා වැඩි වී තිබෙන අතර එය මාසයකට පෙර බිලියන 7,093 ක් වේ.

පුද්ගලික අංශයේ ණය වර්ධනයේ “සැලකිය යුතු වෙනසක්” තවමත් නිරීක්ෂණය වී නොමැති බවද බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිළිගෙන ඇත.

නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ණය වර්ධනය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට ප්‍රතිචාර දක්වන බවත්, එබැවින් වත්මන් කාර්තුවේදී එය ධනාත්මක අගයක් ගනු ඇති බවත්ය.

“අපි දැනටමත් කුඩා වෙනසක් දැක ඇති අතර, පොලී අනුපාත තවදුරටත් පහත වැටෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කලත් බොහෝ විට එය හෙමින් සිදුවනු ඇත” නන්දලාල් මහතා පැවසීය.

පොලී අනුපාත යම් මට්ටමකට නිරවුල් වූ පසු, සහ ආර්ථික තත්ත්වයේ වෙනසක් වූ පසු, මිනිසුන් වැඩි ආයෝජනයක්, වැඩි පරිභෝජනයක් ආරම්භ කිරීමට යනු ඇත. ඒ සමඟ ණය ප්‍රවාහය වෙනසක් වන අතර එය ණය ප්‍රතිසාධනයක් පෙන්නුම් කරන අතර මුදල් ප්‍රතිපත්තියටද ප්‍රතිචාර දක්වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...