පොහොට්ටුවෙන් ගිය කණ්ඩායම සිලින්ඩරයෙන් එන්න තීරණය කරයි.පුංචි ජන්දෙට වෙනසක්!

Date:

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ කණ්ඩායම මෙවර මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලෙස ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පළාත් පාලන හා පළාත් සභා මැතිවරණයට නව සන්ධානය සමඟ කුසලානය ලකුණින් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවද විජේසේකර මහතා කියාසිටියි.

ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරයේ ලකුණින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදෙන ලෙස බහුතර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවයි ඔහු පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...