වාහන ආයනයනය ගැන තවමත් නිශ්චිත තීරණයක් නැහැ.රනිල්ගේ කුලියාපිටිය වැඩෙත් දැවැන්ත වංචාවක්!

Date:

කොළඹ LNW:යහපාලන කාලයේ කුලියාපිටියේ ආරම්භ කළ පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ කුලියාපිටිය වෙසටර්න් ඔටෝ මොබයිල් සමාගම තුළ අති දැවැන්ත වංචාවක් සිදුවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කරන්නේ මෙම සමාගම සදහා කිසිදු බදු අයකිරීමකින් තොරව වාහන ගෙන්වීමට හැකියාව ලබාදී තිබෙන බවත් එම සමාගම ලංකාව තුළ වහාන එකලස් කිරීමක් සිදුකරන බව ව්‍යාජ පුවතක් බවයි.

මේ වනවිට වාහන ආනයනය පිළිබද තවමත් නිශ්චිද කාලරාමුවක් නොමැති අතර ජනවාරි වනවිට බස් රථ සහ ලොරි රථ ගෙන්වීම ආරම්භ වන බව ඔහු කියාසිටියි.

”වාහන ගෙන්වන්න දෙනවා කිව්වට කිසිම නිල ප්‍රකාශයක් නෑ.හිටපු අමාත්‍ය කෙනෙකුගේ ප්‍රකාශයක් පමණයි තිබෙන්නේ. මුලින් බස් සහ ලොරි ගෙන්වන්න තමයි සැලැසුම් කලේ. නමුත් එහෙම දෙයක් කරන්න තවම කිසිම වැඩපිළිවෙළක් හෝ රජය තීරණයක් අරන් නෑ කියලයි අපිට වාර්තා වෙන්නේ. ගිය කැබිනට් මණ්ඩලය ප්‍රකාශයක් කළත් ඒක කිසිම තැනකට නිල වශයෙන් දැනුම් දී නෑ. මුලින් බස් ලොරි ගෙනත් ඒ හරහා ආර්ථිකයට සිදුවෙන දේ බලලා ඊට පස්සේ කාලයක් තුළ ඉතුරු වාහන ගෙන්වීම බලන්නයි සැලැසුම් කර තිබුනේ කලින්. මේ වාහන ගෙන්වීම ආරම්භ කලත් බස් ලොරි ගෙන්වන්නත් ජනවාරි පෙබරවාරි වේවි. නමුත් බොහෝ තීරණ ගන්න වෙන්නේ ඊලග අය වැයෙන් පසුවයි. පසුගිය මාස හයක කාලයක අපි වාහන ගෙන්වීම සම්බන්ධයෙන් පොලිසි එකක් හැදුවා.මේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට නම් කිසිවක් කරගන්න බැරි වේවි. අපි හිටපු අමාත්‍යවරු එක්ක සාකච්ඡා කළා. සංචාරක වැඩපිළිවෙළ සදහා වාහන ගේන්න සැලැසුම් කලත් ඒ රජය ඉවත් වීම එක්ක ඒවා නැවතුනා. අපිට ආනයනය වහගෙනම ඉන්න බෑ. නමුත් අපි අපේ විදෙස් සංචිත ඉතුරු කරගන්න ඕන. ඒ නිසා රජය ඉන්නේ හිර වෙලා. මම විශ්වාස කරන්නේ මුලින් බස් ලොරි ගෙන්වා ඉන් පසු අනෙක් වාහන ගැන බලයි කියලයි. වාහන ගෙන්වීම ආරම්භ කලත් සියලු කාරණා යටතේ වාහන මිල ලොකු අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙලදපොලේ දැනට තිබෙන භාවිතා කල වාහන මිල අධික වීම සාමාන්‍ය තත්ත්වයක් .ඉල්ලුමට අවශ්‍ය සැපයුම නැතිවීම ප්‍රධාන හේතුවක්. වෙස්ටර්න් ඔටෝ මොබයිල් කියන එක නම් ජාවාරමක්. බදු 0% යටතේ ඒ අය කොටස් ගෙන්වන්නේ. සමහර වාහන රෝද හතර ගලවලා ගෙනත් ලංකාවේදී රෝද හතර සවි කරනවා.ඒ වගේ ජාවාරමක්. මේ අවස්ථාව ලබාදී තිබෙන්නේ එක පුද්ගලයෙකුට. මේ යන ක්‍රමවේදය සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. මේ හරහා ලංකාවට තිබෙන ප්‍රයෝජනය කුමක්දැයි සොයා බැලිය යුතුයි.” යනුවෙන් මානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...