බැංකු ක්‍රෙඩිට් කාඩ් වලට යටින් යන ගේම! මහ බැංකුව පසෙකට වී අත් බැදගෙන සිටීම යෝග්‍ය ද?

0
589

ඔක්තෝම්බර් 09, කොළඹ (LNW):  ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන්නන් මාෆියාවකට හසු ව ඇති බව ඔබ මම හරියාකාරව නොදන්නා කරුණකි. මන්දයත්, බැංකු සහ ක්‍රෙඩිට් කාඩ්පත් සමාගම් පහසුව, ආරක්ෂාව සහ ගෝලීය පිළිගැනීම ගැන පුරසාරම් දොඩන නමුත් යථාර්ථය හාත්පසින්ම වෙනස් වීමය.

අධික ගාස්තු අයකිරීම් මෙන්ම සම්පූර්ණ සූරාකෑම් මේ අතර යටින් යන ගේමක්ව හමාරය. විදේශීය ගනුදෙනු මීට බිලිවෙන වඩාත් කැපී පෙනෙන සංධිස්ථානයක් වන අතර, මෙහිදී ඇමරිකන් එක්ස්ප්‍රස් (ඇමෙක්ස්) අනෙකුත් කාඩ්පත් අය කරන ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් දැඩි විදේශ ගනුදෙනු ගාස්තු නිරන්තරයෙන් පනවනු ඇත.

ක්‍රෙඩිට් කාඩ් හිමියන් සෑම පියවරකදීම ඊට අදාළව වියදමක් ගෙවයි. විදේශ විනිමය පරිවර්තන ගාස්තු, සේවා ගාස්තු සහ මුද්දර ගාස්තු පවා දැනටමත් ඉහළ පොලී අනුපාත මත ගොඩගැසී තිබේ. ක්‍රෙඩිට් කාර්ඩ් පරිශීලකයා මේ පිළිබඳ අන්ධභාවයකින් යුක්ත අතර ඔවුන්ට ලබා දෙන්නේද දුර්වල ලෙස පැහැදිලි කිරීමක් පමණි. විදේශයන්හි සරල මිලදී ගැනීමක් අවසානයේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා රුපියල් සිය ගණනක් හෝ දහස් ගණනක් වැය විය හැකි වීමත්, පාරිභෝගිකයින් මෙසේ බර දරා සිටියදී බැංකු ඔවුන්ගේ ලාභ ලබා ගැනීමත් හරිම අඟනා සම්බන්ධතාවයකි.

බොහෝ දේශීය වෙළෙන්දෝ මෙම ක්‍රියාව තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) පැහැදිලි නියෝග නොතකා, 2.5%–3% ක අමතර අධිභාර හරහා තම කාඩ්පත් සැකසුම් පිරිවැය පාරිභෝගිකයින්ට ලබා දෙති. මෙම අධිභාර වෙළඳ ගිවිසුම් උල්ලංඝනය කරන අතර තමන්ගෙන් වැඩිපුර අය කරන බව නොදැන සිටිය හැකි ගනුදෙනුකරුවන් මනාව සූරාකෑමට භාජනය වනු ඇත. CBSL මෙයට එරෙහිව අනතුරු අඟවා ඇතිමුත් බලාත්මක කිරීම දුර්වලව පවතින අතර උල්ලංඝනය කිරීම් පාලනයකින් තොරව පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි හඳුන්වා දී ඇති අතර, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව අවධාරණය කරයි. නමුත් ප්‍රකාශ පමණක් පාරිභෝගිකයින් ආරක්ෂා නොකරනු ඇත. බැංකු අඛණ්ඩව අධික ජාත්‍යන්තර ගාස්තු පැනවීම සිදු කරන අතර, විදේශීය ගනුදෙනු වලින් දැවැන්ත ලාභයක් ලබයි.

මේ අනිසි ක්‍රියාවලියට අවශ්‍ය වන්නේ තීරණාත්මක, බලගතු ක්‍රියාමාර්ගයකි. ඒ සඳහා මහබැංකුව විදේශ ගනුදෙනු ගාස්තු සීමා කළ යුතුය, සියලු ගාස්තු සඳහා සම්පූර්ණ විනිවිදභාවයක් නියම කළ යුතුය, සහ නීති රීති උල්ලංඝනය කරන බැංකු සහ වෙළඳුන්ට දඬුවම් කළ යුතුය.

ක්‍රෙඩිට් කාඩ්පත් යනු පහසුව, සංචලනය සහ ගෝලීය වාණිජ්‍යයට ප්‍රවේශය සඳහා මෙවලමක් වන අතර ඒ වෙනුවට, ඒවා බැංකු සහ කාඩ්පත් සමාගම්වලට සැක සහිත ගනුදෙනුකරුවන්ගෙන් සැඟවුණු ආදායමක් ලබා ගැනීම සඳහා කඳිම තෝතැන්නක් බවට පත්ව ඇත.

ඇමෙක්ස් වැනි බලවත් මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සූරාකෑමෙන් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත යුතුමය.

නියාමකයින් නිෂ්ක්‍රීයව සිටියදී කාඩ්පත් හිමියන් මුදල් අතගත් හරක් ලෙස සැලකීමට බැංකුවලට ඉඩ දිය නොහැක. මූල්‍ය පද්ධතියේ විශ්වසනීයත්වය සහ මහජන විශ්වාසය පළුදුවන මෙවන් දෑ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව දැන් තීරණාත්මකව සහ දෘශ්‍යමානව ක්‍රියා කළ යුතුය, නැතහොත් මෙම සූරාකෑමට එදා වේල හම්බකරන් කන එකාලා වුවද ප්‍රශ්න කෝටියක් ගෙන ඒමට පෙළඹෙනු නොඅනුමානය.