එජාපය සමඟ එකට යන්න සමඟියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව! කළමනාකරණ කමිටුවත් අනුමැතිය දෙයි. නායකත්වය ගැන ප්‍රශ්නයක් නෑලු!

Date:

කොළඹ LNW: සමඟි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම් සඳහා සමඟියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වූ බව මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පැවසුවේය.

මේ සඳහා සමඟි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවද අනුමැතිය ලබා දී ඇති බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

මෙය ඓතිහාසික තීන්දුවක් වනු ඇති අතර දෙපාර්ශවයටම හොඳ ගමනක් ය හැකි වනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

දෙපාර්ශවය අතර අසමඟියක් නොතිබුණ අතර ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අසාධාරණයක්, අයුක්තියක් සිදුවන විට නැගී සිටි බවයි මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ.

නායකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා පැවසුවේ දැනටමත් සමඟි ජන බලවේගය විපක්ෂ නායකත්වය ලෙස කටයුතු කරන අතර රනිල් වික්‍රමසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නායකයෙක් ලෙස නිසි ගරුත්වය ලබා දෙන බවත් නායකත්වය බෙදාහදා ගැනීමට දෙපාර්ශවයට හැකි බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විභාග කොමසාරිස්වරිය විසින් අපේක්ෂකයින්ට කරන විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : පසුගිය දා මහනුවර...

වැසි තත්වයේ වර්ධනයක් – අද (24) කාලගුණය

දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට(25) දිනයේදී...

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...