අපේ රජයක් ආවාම විදෙස්ගත ශ්‍රමිකයින් මුදල් එවනවා, දියුණු රටවල් ආධාර කරනවා – කිරිඇල්ල

Date:

වත්මන් රජය පිළිබඳ ඇති අවිශ්වාසය නිසා විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට මුදල් නොඑවන බවත් තම රජයක් බලයට පත්වූ වහාම ඔවුන්ගේ මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

“තානාපතිවරුන් අපට මාසෙකට සැරයක් හම්බවෙනවා. ඒ අය අපට කියනවා, නව රජයක් බලයට පත්වුණාම විශේෂයෙන්ම ලෝකේ තියෙන දියුණු රටවල් අපට උදව් කරන්න සූදානම් කියලා. පසුගිය කාලය තුළ අපට ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් නැතිවුණා. අපේ පිටරට ඉන්න ශ්‍රමිකයින් එවන මුදල් 99%කින් අඩුවෙලා. මේ ශ්‍රමිකයින්ගේ මුදල් ටික අපට ලැබෙනවා නම් මේ රටේ ජනතාවට අවුරුද්දකට කන්න, බොන්න, අඳින්න, ඉන්ධනවලට අපට මුදල් තියෙනවා. මෙච්චරකල් මේ රට හැම ආණ්ඩුවක්ම පාලනය කළේ ඒ මුදල්වලින්. අද ඒ ශ්‍රමිකයින් බයයි මේ මුදල අපේ රටට දෙන්න. අපේ රජයක් බලයට පත්වෙච්ච වහාම අපි ඒ ශ්‍රමිකයින්ගේ මුදල් ටික ගෙන්වාගන්න පියවර ගන්නවා. අවුරුද්දකට ඇමරිකන් ඩොලර් මිලියන 8,000ක් එනවා. ඒ මිලියන 8,000න් අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ඇතුළු අවශ්‍යතා කිසිම කරදරයක් නැතුව දෙන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේදී කියනවා”

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ යටිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ බෑනා,ලේලි සහ තවත් දියණියක් අල්ලස් කොමිසමට කැඳවල!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත්...

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ...

රවින්ද්‍ර හේවාවිතාරණගේ “ඇවිද මිනිසුන් අතර ” දොරට වඩී!

කොළඹ LNW:වසර තිස් හ⁣යක රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර...

ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ හිරවෙලා – නැවත රටට ගෙන්වන්න පුළුවන්ද? බැරිද? – අලුත්ම තත්ත්වය මෙන්න!

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව...