*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ඉතිහාසය නැවත නැවතත් සිදු වීමේ ප්‍රහසනය ….

නුගේගොඩින් ආරම්භවූ මහින්ද සුළඟේ පාර්ට් ටූ කොටස ඊයේ “එක්ව නැගිටිමු” මැයෙන් කළුතරින් ආරම්භ විය. මෙහිදී අපි විමසා බැලිය යුත්තේ මීට මාස හතරකට පෙර අගමැති මැදුර අතහැර ත්‍රීකුණාමලයේ කුඩා දූපතක හමුදා ආරක්ෂාව මැද සැඟව සිටි මහින්ද රාජපක්ෂ මෙවන් කෙටි කාලපරිච්චේදයක් තුල නැවත විවෘත දේශපාලන අවකාශයට ප්‍රවිශ්ඨ වූයේ කෙසේද යන්නය..

සිංහල බෞද්ධයන් යනු (හිට්ලර්ගේ ආර්‍ය්යන් මෙන්) පරමාදර්ශී ප්‍රෞඩ ජාතියක්ය යන ද්‍රෂ්ඨිවාදය අනගාරික ධර්මපාල වැනි විවිධ ජාතිවාදීන් විසින් සිංහල බෞද්ධ ජනවර්ගයේ අධ්‍යාත්මය තුලට දිගින් දිගටම එන්නත් කලේය. එහිදී එකී ද්‍රෂ්ඨිවාදයට ක්‍රමයෙන් අනුගතවූ සිංහල බෞද්ධයන්ගේ අන් ජනවර්ග සම්බන්ද හැසිරීමද උද්ධච්ච හා අහංකාරපරවශ එකක් බවට ක්‍රමක් ක්‍රමයෙන් පත්වින..

මේ තත්වය තුල බන්ඩාරනායකගේ ආන්ඩුව සහ මහින්ද රාජපක්ෂගේ ආන්ඩු වනාහී එකී උද්ධච්ච සිංහල බෞද්ධ ජාතිකවාදයේ ජනප්‍රිය ජනමතය විසින් බලයට ගෙනා ආන්ඩුවේ. ඒ අනුව දකුණේ දේශපාලන බලය සම්බන්දව සැලකිලිමත් වීමේදී මේ ජාතිවාදී උද්ධච්ච ජනමනෝබාවයට කප්පම් ගෙවීමකින් තොරව බලය ලබාගැනීම හා බලය පවත්වාගෙන යෑම යනු අතිශය දුෂ්කර කර්තව්‍යයන් බවට පත්විය..

මෙහිදී රනිල් වැනි ලිබරල් ආරකට බර තබන දේශපාලකයෙකුට ලාංකීය පොලොවේ දිගුකල් පවත්නා පැවැත්මක් නැතිවීමට හේතුවූ සත්‍ය පසුබිමද මෙයම වේ.

ඉතිහාසයේ ඇතැම් අවස්තාවල මේ උද්ධච්ච අභිමානය අන් සංස්කෘන්ට එරෙහි වියරු ප්‍රචන්ඩත්වයක් දක්වාම දික්ගැස්සුන අවස්තාද තිබින. මෙහි ප්‍රතිපලයක් විදියට උතුරේ ජනයා ඔවුන්ට වෙනම අනන්‍යතාවයක් තුල ජීවත්වීම සඳහා උතුරට වෙනම පාලනයක අයිතිය ඉල්ලීම දක්වා තල්ලු විය. මේ ප්‍රතිවිරෝධතාවය උත්සන්නවු එක් මොහොතක මේ වෙනම පාලනයක් ඉල්ලූ දමිළ කන්ඩායම් සන්නද්ධ අරගලයක් දක්වාම තල්ලු විය.

මෙහිදී පෙර පටන්ම සිංහල බෞද්ධ ජාතිකවාදය තුල තිබූ දෙමළ ජනවාර්ගය සම්බන්ද ආකල්පය වූයේද දමිළයන් යනු සිංහල බෞද්ධයන්ගේ උරුමය පැහැරගැනීමට ඉතිහාසයේ පටන්ම එන ආක්‍රමණික කොට්ඨාසයක් ලෙසය. මෙහිදී ඉතිහාසයේ සොළී සංහාරයේ යෙදුනා යැයි සඳහන් වෙන දුටුගැමුණු වර්ගයේ පුරාවෘතාන්ත සිංහල බෞද්ධ වර්ගවාදය විසින් පරමත්වයට නැංවූයේය.

වෙනෙකක් තබා ලංකාවේ හමුදා තුල පසුව නිර්මාණය කෙරුන රෙජිමේන්තුවලට නම් තැබුනේද සොලී සංහාරයේ යෙදුනා යැයි කියවෙන රජවරුන්ගේ නම් වලිනි. ගජබා රෙජිමේන්තුව, විජයබා රෙජිමේන්තුව, ගැමුණු බලකාය ආදී වශයෙන් .

දෙමළ සංහාරක යුද්ධයකට අවතීර්ණ වීම හරහා දකුණේ සමාජය තුලින් ලබාගත හැකි ලාබ දේශපාලන වාසි ගනනය කල කූට දේශපාලන බුද්ධියක් හිමි මහින්ද විසින් අති විශාල පිරිවැයක් දරා උතුරේ අරගලය ලේ ගංගාවක් මැද පොඩිපට්ටම් කර දැමීය.

ඇත්තෙන්ම එහි ප්‍රතිපලය ලෙස යාපා පටුන අල්ලා ගැනීමට හැඩි දෙමළුන් විසින් කල තිස් අවුරුදු යුද්ධය නිමා කොට යලි සිංහල බෞද්ධ බලය සිරිලක පුරා පිහිටවූ නරපතියෙකු ලෙස ගෝත්‍ර වංශකතාවේ ලෙජන්ඩ් එකක් බවට මහින්ද පත්විය…..

ඇත්තෙන්ම මෙහිදී ඔහුට ලැබුන දේශපාලන වාසිය සුළුපටු එකක් නොවේ. එය ඔහු ජීවත්ව සිටි කාලය තුලදී පමණක් නොව මරණෙන් මතුද ඔහුගේ හත්මුතු පරම්පරාවටම විකුනාගත හැකි දේශපාලන බුදලයකි.

රාජපක්ෂලා ලාංකීය භූමිය තුල මොන තරම් මහජන දේපොල හොරා කෑවද දුටුගැමුණුගේ සියළු දුෂ්ඨකම් දෙමළ සංහාරයේ අනුහසින් මැකීගියා සේ රාජපක්ෂලාගේ සියළු මංකොල්ලයන් ප්‍රභාකරන් ඝාතනය කල පිනෙන් දූරීබූතවී යයි. ශෙඩ් වල තෙල් බිංදුවක්වත් නැතිව ජනයා බිත්තියටම හේත්තු උන අවස්තාවල එකී හොරකම් පිළිඹඳව කතිකාව කරළියට පැමිණියද ඉතාම කෙටි කලකින් නැවත ඒවා ගෝත්‍ර වාදය තුල යට යයි.

මාස හතරකට පෙර පැවති ගෝල්ෆේස් අරගලයේ සිටියේ නූතන ආර්ථික අර්බූදයට ඝෘජුවම මුහුණ දුන් යම් නාගරික ප්‍රජාවකි.

නමුත් මහින්දගේ සිංහල බෞද්ධ ජාතිවාදී රෙජීමය තුල ගිළුනු අතිබහුතරය ඇත්තේ අර්බූදයට ඝෘජුව මුහුණ නොදෙන ගම්බද ප්‍රදේශවලය. ඇතැම් විට ගම්බද ග්‍රාම්‍ය නූගත්බව හා සිංහල බෞද්ධ ජාතිකවාදය අතර ඇති දෘෂ්ඨිමය පෑහීම මෙයට හේතු වූවාද විය හැකිය.

2015 ජනපතිවරණයෙදී සුළු චන්ද ප්‍රතිශතයකින් පැරදී මහින්ද මැදමුලනට පල්ලම් බැස්ස මොහොතේ අතින් වියඳම් කරගෙන බස් පිටින් වැල නොකැඩී හඬාවැටෙමින් ඔහු සෙයා ගියේ මේ ගම්බඳ ප්‍රජාව වන අතර ඔවුන් ජනප්‍රිය සමාජජාල අවකාශය තුල නැති පිරිසකි. ඒ අනුව සමාජ ජාල අවකාශය තුල පෙනෙන රළ නගන රාජපක්ෂ විරෝධය බහු ජන සමාජ අභ්‍යන්තරය තුල ඇද්දැයිද යන්නද විශාල ගැටළුවකි..

එසේම ඊයේ ජොන්ස්ටන් පැවසූවා සේ පොහොට්ටුව වර්ගයේ ගෝත්‍ර බලවේග අලු මතින් වුවද නැගිට්ටුවිය හැකිය. මන්ද සෑම මොහොතකම අලු යට ගෝත්‍ර ගිනි පුපුරු තිබෙන බැවිනි.

ගෝඨාබය ජයග්‍රහණය කල පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපලයට පාස්කු බොම්බය කල බල පෑම සූළුපටු නොවේ. ඕනෑම මොහොතක ඇවිලිය හැකි හා ඇවිලවිය හැකි ගොත්‍රවාදයක් අලු යට ඇති සමාජ පසුබිමක හිටිහැටියේ සියල්ල අබිබවා “කන්ට නැතත් ඉන්ට රටක්” කියන ආත්මපාඨය ඉස්මතුවිය හැකිය.

අවසානයේ පැවසිය හැක්කේ රාජපක්ෂවරු පරාජය කිරීමට නම් ඔවුන්ගේ පැවැත්ම රැඳී ඇති ඝන ගෝත්‍ර සිංහල බෞද්ධ ද්‍රෂ්ඨිවාදය තීරනාත්මකව පරාජය කර සිටිය යුතු බවය.

එසේ නොවන තාක් දිය යට ගිල්වූ බැලුමක් සේ රාජපක්ෂ අවතාර නැවත නැවතත් මේ මහ පොලොවේ හොල්මන් කිරීම නවතාලිය නොහැක.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan