*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

හිටපු බ්‍රිතාන්‍ය අගමැති කොළඹ වරාය නගරයට පිවිසෙයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ වරාය නගරය දකුණු ආසියා කලාපයේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට නියමිතව ඇති අතර ,එය ආර්ථික වර්ධනය සඳහා නව බලාපොරොත්තුවක් සහ ප්‍රධාන ආයෝජන සඳහා මහඟු සම්පතක් බව හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා අවසන් වූ Port City Colombo UAE මාර්ග ප්‍රදර්ශනයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

එහිදී හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙම අනගි ව්‍යාපෘතිය මඟින් ඉදිරිපත් කරන දැවැන්ත ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ගෝලීය ආයෝජකයින් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ අවධානය යොමුකරමින් එහි ඇති වටිනාකම පිළිබඳ ප්‍රකාශ කළේය.

කොළඹ වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය මට්ටම යළි ලෝකයට හඳුන්වා දීමේ අරමුණින් ඩොලර් බිලියන ගණනක් යොදවා අරම්භ කළ ව්‍යාපෘතියකි.

ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ගාලු මුවදොර පිටියේ හදවතට යාබදව ගොඩනඟන ලද භූමියක ඉදිකරන ලද එය විශ්වීය ජීවන රටාවක් සහ එය ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම් සහ තිරසාර ජීවන රටාවක් ලබා දෙන බවද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ම්හතා අවධාරණය කළේය.

විශේෂ ආර්ථික කලාපයක් (SEZ) ලෙස කොළඹ වරාය නගරය ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් සහ ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, ජාත්‍යන්තර ව්‍යාපාර, හෝටල් හිමිකරුවන් සහ ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකාව තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමට කදිම ගමනාන්තයක් බවට හැඳින්විය හැක

හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා, ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, සිංගප්පූරුව සහ තවත් බොහෝ උදාහරණ භාවිතා කරමින් නැගී එන අවස්ථා පැහැදිලිව නිරූපණය කරන ලදී. ඒ අනුව සමස්තයක් වශයෙන්, කැමරන්ගේ ප්‍රකාශයන් ආයෝජකයින් සහ අනෙකුත් ප්‍රභූවරුන්ගේ අවධානයද මනාව යොමු වූ අතර, මෙය දකුණු ආසියාවේ සහ පුළුල් ඉන්දු-පැසිෆික් වරායේ සංවර්ධනීය වෙනසකට මඟ පාදයි.

තවද, ශ්‍රී ලංකාව වැනි රටකට ආසියාතික රටවලින් ආභාෂය ලබා ගනිමින්, දේශීය සම්පත් සමගින් වඩා ඵලදායී අයුරින් ආර්ථික සංකල්ප සහ ආදර්ශමය වෙනසක් තුළින් ව්‍යාපාරික වපසරියක් ගොඩනගා ගැනීම අතිශයින් වැදගත් බව හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan