අබලන් වූ බම්බලපිටිය මගී පාලම වෙත ජනපති අවධානය! නව පාලමක් ඉදිකිරීමට උපදෙස්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම වෙනුවට මාස පහක් ඇතුලත නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

දින දහයක් ඇතුලත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර, දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කරන්නැයි ද දැනුම් දී තිබේ.

හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර , ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිතය. නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර , අද (9) සිට මෙම සියලු කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්යාලය පවසන්නේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත අදාල දැනුම් දීම කළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි කප්පාදුවට හේතුවුණු නොරොච්චෝලේ බිඳවැටීමට මූලික හේතුව බාල ගල් අඟුරු – චානක

දිවයින පුරා විදුලි කප්පාදුවකට ද තුඩුදී ඇති නොරොච්චෝලේ බලාගාරයේ...

ඇමරිකාව, ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට සැකයක් ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්. වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි...

ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්‍රසන්න

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ...