*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

කවුරු ෆුල්ස්ටොප් තිබ්බත් අපි අතහරින්නේ නැහැ – නිරෝෂන් පෙරේරා

කොළඹ LNW:ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම නැවත්වීමට හැකි වන්නේ තව අවුරුද්දකට පමණක් බවත් සමගි ජනබලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව නායක සජිත් ප්‍රේමදාස පොරොන්දුවක් ලබාදී තිබෙන බවත් එම පක්ෂයේ පාර් ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.

ඒ, අද (09) විපක්ෂ නායක කාර් යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ලබාගැනීමට විපක්ෂය කටයුතු කිරීම හරහා රජය කලබල වී තිබෙන බවත් වැඩියෙන්ම පොහොට්ටුව නියෝජනය කරන පිරිස් කලබලවී තිබෙන බවත් විපක්ෂයට මඩ ප්‍රහාර එල්ල කර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ නවත්වන්න නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘‘සමගි ජන බලවේගය පාර් ලිමෙන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කළා පාස්කු ප්‍රහාරය ගැන විමර් ශන කඩිනම් කරලා පිළිගත හැකි විමර් ෂනයක් කරන්න කියලා. ඒ විමර් ශනවලට ජාත්‍යන්තර සහය ලබා ගන්නා ලෙසද පාර් ලිමේන්තුවේදී පැවසුවා. නමුත් ජනාධිපතිවරයා සහ රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්න තිබෙනවා. ජනාධිපතියරයා ජර්මනියේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර් යේෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර් ශනවලට ජාත්‍යන්තර සහය ලබා ගන්න ජනාධිපතිවරයා 2022 දී පොරොන්දු වුණා. නමුත් අවුරුද්දකට පස්සේ ජනාධිපතිවරයාගේ එම තීරණය වෙනස් වෙලා තිබෙනවා. රටේ නීතිය අනුව එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න බැ කියලා නීතියක් දාන්න හදනවා. නමුත් 1993 ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් විමර් ශනය කරන්න බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ සහය ඇතිව ඒ විමර් ශන කරලා තිබෙනවා. ඇමෙරිකාව ,පකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර් ශන සිදුකර තිබෙනවා. ලංකාවේ කතෝලික රදගුරු සමුළුව ප්‍රකාශ කරන්නෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති වාර් තා ජනනාවට පාර් ලිමේන්තුවට ලබානොදී හංගගෙන සිටීමෙන් අපට පෙනෙන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්න ආණ්ඩුව උත්සහ කරන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලද පිරිස් ආණ්ඩුවේ තියාගෙන ඔවුන් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවන වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan