*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ඉරිදා දිවයිනට එරෙහිව නලින් සහ හෙක්ටර් නඩු මඟට!

කොළඹ LNW:අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් දිවයින ඉරිදා පුවත්පතට විරුද්ධව නීත්‍යානුකූලව වන්දි ඉල්ලා නඩුවක් ගොණුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කරයි.

‘‘ජීනිවා අමතන්න ගිය මන්ත්‍රීලට බේබදුකම ලොකුවෙලා ඇහැරෙන විටත් වෙලාව පැනලා‘‘ යනුවෙන් ඉරිදා දිවයින පුවත් පතේ පළ කර තිබූ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම පුවතේ සඳහන් කරන ආකාරයට සාදයක් නොපැවැත්වුව ප්‍රමාද වී ජිනීවා සැසියට සහභාගි නොවූ බවත් සුරිච් නුවර නොසිටි බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

‘‘ජීනිවා අමතන්න ගිය මන්ත්‍රීලට බේබදුකම ලොකුවෙලා ඇහැරෙන විටත් වෙලාව පැනලා‘‘ ඉරිදා දිවයින පත්තරේ තමයි මේ ප්‍රවෘත්තිය පළ කරලා තිබුණේ. රටේ ජාතිවාදය වපුරපු,බොරු බේගල් මවපු පත්තර කලාව මඩ කලාවක් කරපු පත්තරයක් තමයි දිවයින කියන පත්තරය. ලංකාවේ 5000 ක්වත් විකිණෙන්නේ නැති පත්තරයක්. ටොයිලට් පේපර්වලටත් මේ පත්තරය හොද වැඩියි. ඊට වඩා හොදයි වෙන වැඩවලට මේ පත්තරය භාවිතා කළා නම්. මේ පත්තරය බොරු ප්‍රවෘත්ති මවලා සාෆි වෛද්‍යවරයාගේ මුලු ජීවිතයට විනශ කරලා දැම්මා වද සැත්කම් 4000 ක් කරා කියලා. දිවයින පත්තරය ආරම්භ කළ උපාලි විජයවර්ධනටත් අපහාසයක්.

දිවයින පත්තරේ මේ පළ කරලා තිබුණ පුවත අසත්‍ය ප්‍රවෘත්තියක්. අපි සුරිච් නුවර මත්පැන් සාදයක් පැවැත්වූවා කියලා කියනවා. සුරිච් නුවර කොහෙද තියෙන්නේ ජීනිවා නුවර කොහෙද තියෙන්නේ. ජීනිවා ඉදලා කිලෝමීටර් 280 ක් ඇතින් තමයි සුරිච් නුවර තියෙන්නේ. කෝච්චියේ යනවනම් පැය 3 කට වැඩිය යනවා. මේ අසත්‍ය ප්‍රවෘත්තියට විරුද්ධව, දිවයින පත්තරයට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්නවා.

අපි ජිනිවා නුවර ගිහින් කතා කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නෙවෙයි. සමාජ මාධ්‍ය නියාමන පනත ගැන තමයි කතා කළේ. මම අභියෝග කරනවා ඒ බව ඔප්පු කරලා පෙන්වන්න කියලා. මම සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා නීත්‍යානුකූලව වන්දි ඉල්ලලා නඩුවක් දිවයින පත්තරේට විරුද්ධව දානවා.
අපි ජිනිවා ගියා කිව්වම ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව හිතුවා අපි ගියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරන්න ගියා කියලා. ඔව් අපි ඒ ගැනත් කතා කරන්න තමයි ගියේ. හෙක්ටර් අප්පුහාමි මහතා පාස්කු ප්‍රහාරය ගැන 5 වැනිදා කතා කරන්න හිටියේ. තාක්ෂණික දෝෂයක් ආවා.

අපිට කතා කරන්න තිබුණේ 45 වැනි ස්ථානයට. ඔවුන් ප්‍රමුඛතාවයට තමයි කතා ලබාදුන්නේ. විනාඩි එක හමාරයි එක් අයෙකුට හමුවෙන්නේ. කෙසේ නමුත් හෙක්ටර් අප්පුහාමි මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරන්න බැරි වුණා. නමුත් පැවැති අමතර සැසිවාරවලදී අවශ්‍ය ලිපි ගොණු අපි භාර දුන්නා. ඇමෙරිකානු එක්සත් ජනපදයේ මානව හිමිකම් නියෝජිතයා හමුවුණා. ඉන්දියාවේ මානව හිමිකම් නියෝජිතයා හමුවුණා. එතන හිටියා පොහොට්ටුවට කඩේ යන කිහිපදෙනෙක්. ඔවුන්ට ගැටලුවක් තිබුණා අපි පාස්කු ප්‍රහාරය කරපින්නාගෙන යාම පිළිබඳව. ඔවුන් තමයි මේ බොරුව ගොතන්න ඇත්තේ.

අපි පාටි දැම්මෙත් නෑ අපි වෙලා ගිහින් ආවෙනත් නෑ අපි සුරිච් හිටියෙත් නෑ. සුරිච් වල හෝ ජිනිවාවල පාටි තිබ්බෙත් නෑ.

මම ජිනිවා ගියේ මාධ්‍ය වෙනුවෙන් කතා කරන්න. මේ වගේ මඩ පත්තරවලට තමයි අණ පනත් ගේනන ඕන. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් නිසා එක් අයෙක් උම්බෑ කිව්වා කියලා අනිත් අයවත් අම්බරුවන්ගේ ගොඩට දාන්නේ නෑ. මම මාධ්‍ය ආයතවලින් ඉල්ලනවා මේ අසත්‍ය ප්‍රවෘත්තිය තලු මර මර කිව්වා වගේම මේ ප්‍රවෘත්තියත් කියන්න කියල.” යනුවෙන් නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan