සජිත්ගෙන් වරුණ රාජපක්ෂට තනතුරක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධාකයා වශයෙන් වරුණ දීප්ති රාජපක්ෂ මහතාව පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව, ඊයේ (09) දිනයේදී සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා අත්සන් තැබීම සඳහා පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් වරුණ රාජපක්ෂ මහතාට මෙම සංවිධායක ධුරයට අදාළ පත්වීම් ලිපිය පිරිනමා ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ වරුණ රාජපක්ෂ මහතා එහි බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් ද පත්විය. පසුව ඇතිවූ පක්ෂ ඛණ්ඩනයේදී ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එක්ව කෙටි කාලයක් කටයුතු කළ අතර එයින් ඉවත්ව යම් කාලයට පසු එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු වශයෙන් කටයුතු කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව වරුණ රාජපක්ෂ මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂවරයා වශයෙන් ද කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඔහු සමගි ජන බලවේගය සමග එක්වූයේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...