ක්‍රීඩා සභාවේ මුල් පුටුව රගර්වලින් රට දිනූ ප්‍රියන්තට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 10, (LNW) කොළඹ :

ලාංකේය රගර් ක්‍රීඩක මතක සටහන් අතර දන්නා අතීතය තුළ විශිෂ්ඨයෙකු වූ ප්‍රියන්ත ඒකනායක ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා ලෙස පත් කරන්නට නව රජය තීරණය කර තිබෙනවා.ප්‍රායෝගිකව ක්‍රීඩාවේ බොහෝ තැන් විඳ අත්දැකීම් ඇති ප්‍රියන්ත ඒකනායකට මෙම තනතුර ලැබෙන්නේ වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව දේශපාලනමය වශයෙන් යටත්ව පවතින සහ මේ වන විටත් අධිකරණමය නියෝගයක් යටතේ හෝ ක්‍රියාත්මක නොවී රගර් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සිර කරගෙන සිටින තත්ත්වයක් තුළයි.

විශේෂයෙන් චෝදනාවන්ට ලක් වී දඬුවම් ලැබිය යුතු පිරිස් රගර් හී මෙන්ම සමස්ත ක්‍රීඩාවේම විවිධ තනතුරු දේශිය වශයෙන් සහ විදේශිය වශයෙන් දරමින් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ගෞරවයට සහ කීර්තියටත්,එහි පැතිර යාමට තුඩු දෙන ප්‍රාදේශීය සංගම්වලට ඇති බලය හකුලා දැමීමටත් කටයුතු කරන්නට සැළසුම් හදමින් සිටින මොහොතක රටේ ප්‍රධාන රගර් ක්‍රීඩා සමාජ කිහිපයකම ක්‍රීඩා කර ඇති සම්බන්ධකම් ඇති ප්‍රියන්තට,තමන්ගේ පෞද්ගලික සබැඳියාවන්ගෙන් ඈත් මෑත් ව රගර් හී අනාගතය දෙස බැලීමට,වැරදි අතීතයට සහ වර්ථමානය කෙරෙහි බලා පා ඇති වැරදි සඳහා නිසි දඬුවම් දීමට මැදිහත් වීමට හැකි ද යන්නත් අප අවධානයෙන් යුතුව බලා සිටිනවා.

ප්‍රියන්ත මීට පෙර රගර් ක්‍රීඩාවට අමතරව ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාවට දිගු පිම්මක් පනින්න්ට එහි පසුපස විශාල කාර්ය භාරයක් කරන්නට මැදිහත්ව ක්‍රියා කළ අයෙක්.ඒ නිසා මුහුණට වඩා ඔහු මැදිහත්වන කාර්යය සුබදායි සහ පලදායි විදිහට නිමා කරන්නට කැපවෙන පුද්ගලයෙක් විදිහට මේ දක්වා ගොඩ නඟාගෙන සිටින කීර්තිය සහ වත්මන් රගර් අර්බූදය අතර ඔහුට සමස්ත ක්‍රීඩාව මෙහෙයවීමට ලැබෙන බලය කුමනාකාරයක් ගනු ඇද්ද යන්න උභතෝකෝටිකය මේ මොහොතේ බොහෝ දෙනාට තිබෙනවා විය හැකියි.

ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී ශ්‍රී ලංකාවේ පාක්ෂික දේශපාලන තත්ත්වයන් මෙන්ම,මිත්‍ර සංධානයන් කෙරෙහි අවධානය යොමු නොකරමින්,ඊට හාතපසින් වෙනස් සබඳකම් කෙරෙහි විශ්වාසය තැබීමේ ගුණාංගත් මේ මොහොත දක්වාම ප්‍රියන්ත ප්‍රගුණ කර තිබෙන බවත් අපේ අත්දැකිමවල ඇති නිසා,විශ්වසනීයත්වයෙන් සමස්ත ක්‍රීඩාව දෙසත්,ඔහුට සමීප රගර් හි වත්මන් තත්ත්වය නිවැරදි කිරීමට අවශ්‍යය මඟ පෙන්වීම ක්‍රීඩා සභාව හරහා දිමටත් ප්‍රියන්ත කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

ඒ විශ්වාසය සහිතව අප ප්‍රියන්තට සුබ පතනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...