ඩිල්ෂාන් තවත් පිළකට

0
404

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 10, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම නායකත්වය ද දැරූ ක්‍රීඩකයෙකු වන ටී.එම්.ඩිල්ෂාන් තවත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වි සිටින බව වාර්තා වෙනවා.මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සෙවණේ දේශපාලනයට පිවිසි ඩිල්ෂාන්,2019 දී පත් වූ ගෝඨාභය රාජපක්ෂ සමයේ රට බලවත් සේ කඩා වැටෙද්දී ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට එරට ක්‍රීඩා සමාජයක බලය පවා අත් පත් කර ගනිමින් කටයුතු කරා.

මේ වන විට එම ක්‍රීඩා සමාජය ගැන ද කිසිඳු තොරතුරක් වාර්තා නොවන අතර ඩිල්ෂාන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඔහු දේශපාලනයටත්,දියණිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටත් සම්බන්ධ කිරීමේ අරමුණෙන් කටයුතු කරමින් සිටිනවා.ගෙවුණු ජනාධිපතිවරණයේ දී ඩිල්ෂාන්,සජිත් ප්‍රේමදාසට සහය දක්වමින් කටයුතු කරනු දකින්නට ලැබුණා.

ඔහු මේ වන විට තවත් පිළකට මාරු වෙමින් රන්ජන් රාමනායක නායකත්වය දෙන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (UDV) හඬ සමඟ එක්ව එහි ජාතික සංවිධායක ලෙස ද වගකීම භාර ගෙන තිබෙනවා.මයික්‍රොෆෝනය පක්ෂ සළකුණ ලෙස නම් කර තිබෙන එම පක්ෂය ඩිල්ෂාන් මිට සති කිහිපයකට පෙර සම්බන්ධ වි සිටි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සහය දැක්වීමට සකසා ගත් පක්ෂයක් ද යන්න හෝ සජිත් ප්‍රේමදාසට බාධා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පර්ශවයේ උපකාරය ලබන පක්ෂයක් ද යන්න හෝ රන්ජන් රාමනායක වෙනම දේශපාලන ගමණක් අපේක්ෂාවෙන් සකස් කරන ලද පක්ෂයක් ද යන්න පැහැදිළි කර ගැනීමට තව කාලයක් ගත වෙනු ඇති.

කෙසේ වුවත් ඩිල්ෂාන් ඉතා ඉක්මණින් පක්ෂ මාරු කිරීම හරියට කෙටි ලකුණු සඳහා පිතිකරණ අන්තය මාරු කිරීමේදී ඔහු දැක් වූ වේගවත්කමට සමාන නිසා ඊ ළඟ මොහොතේ ඔහු කිනම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වේ ද යන්න දුර තියා පැවසීම අසීරුයි.

http://www.sportwaynews.com