මහබැංකු අධිපතිට එරෙහි නඩුව නොවැම්බර් 04 ට කල්යයි

Date:

ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති හෙයින් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි බවට පසුගිය අප්‍රේල් මාසයේදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් කළ නිවේදනයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (10) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩු කටයුත්ත සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් තමන්ට ලැබී නොමැති බැවින් ඒ සඳහා කල් ලබාදෙන ලෙසයි.

මෙහිදී විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරුවන් නිසි වේලාවට පෙත්සම ගොනුකර ඇතත් රෙජිස්ටාර් කාර්යාලය විසින් නොතීසි යොමුකර ඇත්තේ පසුගිය 06 වනදා බව ය.

කෙසේවෙතත් මෙම නඩු කටයුත්තේ හදිසි අවශ්‍යතාව සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ එම පෙත්සම නොවැම්බර් 04 වනදා නැවත කැඳවීමට ය.

එසේම මෙම පෙත්සම සම්බන්ධ මූලික විරෝධතා ඇත්නම් ඒවා ඔක්තෝබර් 26 වනදාට පෙර ගොනු කරන ලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මූලික විරෝධතාවන්ට එරෙහි ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා නොවැම්බර් 02 වනදාට පෙර ගොනු කරන ලෙසත් නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉඳුනිල් විජේසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ තිරු අමිර්තලිංගම් මහතා, නීතීඥ ගෞරව් මඩවල මහතා සමග ජ්‍යේෂ්ඨ අධිනීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පෙනී සිටියේය.

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් වශයෙන් නම් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ රවී කුමුදේශ් මහතා සහ පාහියංගල ආනන්ද සාගර හිමියන් විසිනි.

රට බංකොලොත් බවට තීරණය කිරීම සහ එය නිවේදනය කිරීම සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බව අනාවරණය වී ඇති හෙයින් එම නිවේදනය නිසි බලයකින් තොරව නිකුත් කළ නීතිවිරෝධී ලියවිල්ලක් බවට තීන්දු කරන ලෙසත් ඒ ආකාරයෙන් කටයුතු කළ වග උත්තරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...