*
Friday, October 11, 2024
spot_img

Latest Posts

රගර් කුහුඹුවනේ! තොපටනම් රජෙක් නො‘එන ගාණයි

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 11, (LNW) කොළඹ :මේ වන විට රගර් නිලවරණය පැවත්වීම පමා කිරීම ගැන එහි ඡන්ද හිමි පිරිස් අතරින් ආ විරෝධයක් මත හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ශ්‍රී ලංකා රගර් පරිපාලනය විසුරුවා හැරියා.එහි බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරුවා.ඔහු නිලවරණය එන තෙක් පහසුකම් සපයන්නා යන නාමකරණය යටතේ නිලවරණය පැවත්වීම පමා කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ විසුරුවා හරින ලද පරිපාලනයේ වැඩ බලන සභාපතිව සිටි පුද්ගලයාම පත් කිරීමෙන් අමාත්‍යවරයා ගේ තීරණය හාස්‍යයට ලක් කරනවා.එහෙත් ඒ හාස්‍යජනක ජවනිකාව පිටුපස සිටින්නේ එම අමාත්‍යවරයාම බව පැහැදිළි වන්නේ ඊට එරෙහි විරෝධයේ දී ඔහු අන්ධයෙකු,බිහිරෙකු ලෙස හැසිරෙන ආකාරය නිසයි.

මේ අතර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීමේ අපේක්ෂාව ලෙස සහ අරමුණ ලෙස පෙන්වා දී තිබුණේ ඉක්මණින් නිලවරණය පවත්වා,පැවති පරිපාලනය විසින් මඟ හැරි තිබූ කාරණය ඉටු කිරිමයි.එහෙත් ලැබුණු බලය සමඟ තත්ත්වය වෙනස් අතකට ගසා ගෙන යන්නට ගොස් මේ වන විට නිලවරණය හැකිලී ගොස් ඇත.ඉතාම මෑත කාලයේ දී ආසියානු රගර් පරිපාලනයට තමන්ට අවශ්‍යය විදිහට නිල මඬුල්ලක් පත් කර ගැනීමට හේතු වූ කාරණා මේ අමාත්‍යංශ පරිපාලනය යටතේ ඇහිරී ඇත.

දැන් ව්‍යවස්ථානුකූලව බලය ඇති ප්‍රෙද්ශිය මංගම් මඟ හැර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ක්‍රීඩා සමාජ සමඟ පමණක් කතා කරන්නට සූදානම් වන බව මේ සමඟ වන සටහනෙන් පැහැදිළි වෙයි.ඒ ව්‍යවස්තාව වෙනස් කරන්නට දැනට ව්‍යවස්ථානුකූලව ඡන්ද බලය හිමි කණ්ඩායම් නොසළකා කටයුතු කරන්නට පෙළඹෙන බවට කරන ඉඟියකි.

නිලවරණය පවත්වා අවශ්‍යය ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමට රගර් පරිපාලනයක් පත් කිරීමට පෙර කැඳ වූ විශේෂ මහා සභාවේදී ව්‍යවස්ථාමය වෙනස කතා නොකරන ලෙස අධිකරණය දුන් තින්දුවෙන් පසුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිඳු කළේ මහා සභාව හකුළුවා දැමීමය.අනතුරුව ව්‍යවස්ථා වෙනස කතා කරන්නේ නැති මහා සභාවක් තොපිට දෙන්නෙ නැහැ යන පණිවිඩය රගර් සමාජයට දෙමින්,අමාත්‍යවරයා විසින් වගකීම් ඉටුකිරීම නොකළ නිසා විසුරුවා හරින ලද රගර් පරිපාලනයේම චරිතවලට වගකීම් දෙමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රගර් ක්‍රීඩාවෙන් සෙල්ලම් කරන තත්ත්වයට පත්ව ඇත.

ඇතැම් පුද්ගලයින් මේ වන විට පවසමින් සිටින්නේ අගමැති හරිනි අමරසූරිය ද ව්‍යවස්ථාවෙන් බලය ලබා ගැනීමට උත්සාහ කරන ක්‍රීඩා සමාජ අයත් සමාජය නියෝජනය කරන ප්‍රභූ චරිතයක් බැවින් මේ වැඩේ හරීන්ට,රොෂාන්ට සහ නාමල්ට වඩා පහසුවෙන් අදාළ පුද්ගලයින්ට හරිනිගෙන් කර ගැනීමට හැකි තත්ත්වයක් මතුව තිබෙන බවය.එසේම ආගමික වශයෙන් එල්ල වන බලපෑමක් මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට රිසි සේ හැසිරීමට ඉඩ දීම හැරෙන්නට අමාත්‍යවරියට කළ හැකි දෙයක් නොමැති බවය.

මේ චෝදනා දෙකම හරිනි සම්බන්ධයෙන් කෙනෙකුට මවා පෙන්විය හැකි ලක්ෂන දෙකක් බව අපි තවමත් තරයේ විශ්වාස කරන්නෙමු.ඉපදුණ,ගැවසෙන සමාජ මට්ටමෙන් එහා පොදු සමාජය ගැන අවබෝධයක් සහ ඊට අවශ්‍යය කරන සංශෝධන සම්බන්ධයෙන් උවමනාවක් ඇතුව දේශපාලනයට පිවිසුනා විනා ඇයගේ උවමනාවන් සංතර්පනය කරන්නට දේශපාලනයට නොපිවිසුණු බව විශ්වාස කළ හැකි චරිතයක් හැටියට අපි තව දුරටත් හරිනිව විශ්වාස කරමු.

එසේම පත් වූ ප්‍රියන්ත ඒකනායක ද ක්‍රීඩා සභාවේ සභාපතිවරයා හැටියට රගර් ක්‍රීඩාවේ අලගිය මුල ගිය තැන් දන්නා කෙනෙකි.ඔහු ශ්‍රී ලංකාවට පවුම් 50000 ක දඩයක් ගෙවීමට සිඳු වූ සිඳුවීමේ සිට රගර් දැඩි ණයකට බඳුන් කළේ කවුරුන්ද යන කාරණයත්,මේ වටා ගැටළු අති කරමින් දේශපාලන බලධාරීන් ආසියානු බලධාරීන්ද අල්ලගෙන කරල ලද ක්‍රියාවන් ගැන ද යම් ආකාරයකට දන්නා බව අපි දනිමු.අලුත් දේශපාලන සංස්කෘතියක මේ වැරදි කර ඇති අය තමන්ගේ රගර් පුද්ගල හිතවත්කම් නොසළකා රගර් වෙනුවෙන් සහ ක්‍රීඩාව වෙනුවෙන් මැදිහත්විය යුතු දේශපාලනික භාවිතාව කවරේද යන්න ප්‍රියන්තට හරින් අමරසූරියට පහසුවෙන් පෙන්නා දිය හැකි වනු ඇත.

එසේම ප්‍රාදේශිය වශයෙන් ක්‍රීඩාව ව්‍යාප්ත වීමෙන් සහ ඊට බලය තව දුරටත් විමධ්‍යගත කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය ගැන ද ප්‍රියන්ත ඒකනායක බේස්බෝල් සමඟ රැදී උගත් පාඩම් ද මෙහිදී අමතක කළ නොහැකිය.ඔහු ද අද ලෝකයට යන ලංකාවේ බේස්බෝල් හැකියාවන් වෙනුවෙන් පාවඩ එලන්නට දහදිය හෙළු පුද්ගලයෙක් බව අපි පිළිගන්නෙමු.ඒ නිසා රගර් වැනි තමන් මේ රට වෙන්වෙන් පිට්ටනි තුළ බැරල් ගණන් දහදිය හෙළු ක්‍රීඩාවක අතීතයට බලපාන වැරදිකරුවන්ගෙන් ශුද්ධ කොට අනාගතයට භාර දෙන්නට ඔහුගේ හාද සාක්ෂිය එකඟ වනු ඇත.එසේම ප්‍රාදේශිය වශයෙන් ක්‍රීඩාවේ ඇති පරිපාලනමය ශක්තිය හීන කරන්නට තමන් ක්‍රීඩා කළ රගර් සමාජවලට ඉඩ නොදීමේ වගකිම තේරුම් ගනිමින් ප්‍රාදේශීය වශයෙන් බලය සහ අවස්ථා පුළුල් කිරීමට නව රජයට යෝජනා කරනු ඇත.මන්ද දඹුල්ල වැනි ප්‍රදේශ හරහා දක්ෂයන් නිර්මාණය වන වර්ථමාන බේස්බෝලයට පිට පළාත්වලින් දැනෙන රස ප්‍රියන්ත හොඳින්ම දන්නේය.

එහෙත් තවම කිසිවක් සිඳුවන පාටක් නැත.තාවකාලිකව තමන්ට භාර දුන් රගර් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්,නිලවරණය පැවත්වීමට නොහැකි වූ නිසා විසුරුවා හරින ලද අසමත් නිලධාරීන්ටද බලය පවරමින් ඉදිරියට කරගෙන යයි.අපද මීට පෙර පෙන්වා දුන් පරිදි ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ඒ කාණ්ඩායට කැඳවා ඇත.එය රගර්මය වූ අනන්‍යතාවයක් සහිත පරිපාලනයක් විසින් කැඳවන්නේ නැතුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා කැඳවීමේ දී ඊට ව්‍යවස්ථා බලයක් ඇද්ද?රගර් පත්වන නිල කමිටුවක් මෙය පවත්වා ගෙන යා යුතු ද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් වෙනස් තීරණයක් ගතහොත් මෙය ක්‍රමයක් හැටියට නඩත්තු වන්නේ නැත.

ඒ නිසා පරිපාලනමය වශයෙන් තියෙන අස්ථාවර තත්ත්වය ඡන්ද හිමියන්ට පත් කර ගැනීමේ බලය දී විසඳාගත යුතුය.තමන්ට තාවකාලිකව පැවරුණු නිවසක් බිත්ති කඩා වෙනස් කිරීමට යාමෙන් ඇති විය හැකි දීර්ඝකාලීන නරක බලපෑම මිත්‍ර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අඩුම තරමේ අජිත් නිවාඩ් කබ්රාල් සිඳුවීම යටතේ හෝ අවබෝධ කරගන්නේ නම් මැනවි.

ශ්‍රි ලයනස් ඇතුළට එන්නේනම් කණ්ඩායමක් ඉවතට යා යුතුය.ඒ කාණ්ඩාය් අවසාන කණ්ඩායම විය යුතුය.ඔවුන් බි කොටසට ගොස් නැවත ඒ කොටසට දක්ෂතා අනුව පැමිණිය යුතුය.ක්‍රීකට් ක්‍රීඩාවේදී බ්ලූම්ෆීල්ඩ් වැනි ලංකාවේ ටෙස්ට් ක්‍රීඩකයින් බුරුතු පිටින් බිහි කළ ක්‍රීඩා සමාජ පවා ඇතැම් අවස්ථාවල ඒ තත්ත්වයට පත්වනු අපි දැක ඇත්තෙමු.නැතිනම් වන්නේ මෙවර බි සූරයන් ද ලෙස සෑම වසරකම බී සූරයන් ඒ කොටසට එකතු කිරීමේ සම්ප්‍රදායක් තුළින්,අති දක්ෂයන් පමණක් රැඳිය යුතු ඒ කොටසේ ගුණාත්මකභාවය පහත වැටීමය.මේ කාරණය කළ යුතු වන්නේ රග්බි පරිපාලනය විසින් වන අතර එහි විධායක සභාවට,බලය තීරණය කරන පාර්ශවකරුවන් විය හැකි රගර් ව්‍යවස්ථාවේ නෛතික ප්‍රතාපාදන ඇති පිරිස් විසින් එම තීරණය ගැනීම අතිශයින් වැදගත් වනු ඇත.

වගකීමකදී පැවරෙන බලය තමන්ට ඇවැසි විදිහට ද,තමන්ගේ කැමත්ත පරිදි ද භාවිතාවට ගත යුත්තේ,කුමන බලපෑමක් ඇති කේෂ්ත්‍රයක් නිවැරදි දිශානතියකට යොමු කර එම කේෂ්ත්‍රය පළල් අවකාශයක් පුරා පැතිරවීම කෙරෙහිද යන්න තීරණය කිරීම මේ මොහොතේ අතිශයින් වැදගත් වනු ඇත.එය හරිනි අග්‍රාමාත්‍යවරියගේ,අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සිට ප්‍රියන්ත ඒකනායක දක්වාම වලංගු ය.දැන් සිඳුවෙමින් ඇත්තේ ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාවට අනුව බලය හිමි සහ බලය තීරණය කරන පිරිස් පසෙකලා, දේශපාලන නායකත්වයක් විසින් පාලනය කරන රාජ්‍ය ආයතනයක, එම දේශපාලනයට වගකිව යුතු පුද්ගලයෙක්,එම දේශපාලනය විසින්ම නිලවරණයක් හෝ පවත්වන්න අසමත් ලෙස හංවඩු ගසා ඉවත් කරන ලද පුද්ගලයන්ට බලය සහ වගකීම් පවරා රගර් මෙහෙයවීමය.ආයතනික ස්වරූපයෙන් අදාළ නිලධාරියා වගකිව යුත්තේ අමාත්‍යවරයාට බැවින් අමාත්‍යවරිය නිහඬව සිටීම යනු ඊට දේශපාලන ආශිර්වාදය දැන හෝ නොදැන හිමි වීමය.

එසේත් නැත්නම් නව රජය ජනතාවට දුන් පොරොන්දුවල පුනරුදයට මේ රටේ ක්‍රීඩාව කිසිසේත්ම අදාළ කර නොගන්නා ඒවා කැමති කැමති පුද්ගලයන් විසින් කැමති කැමති ආකාරයට හසුරුවනු ලබන විෂයක් ලෙස පවතින්නට ඉඩ දීම ද යන්න අපි නොදන්නෙමු.අමාත්‍යවරිය සහ අගමැතිවරිය ඉලක්ක කරගෙන රගර් සහ ක්‍රීඩාව ගැන ලියන පළමු ලිපිය මෙය නොවන අතර ක්‍රීඩාව සම්බන්ධ අපට දැනෙන ජාතිකමය ගැටළු සම්බන්ධයෙන් පිළිතුරු අපේක්ෂාවෙන් ඇයට හමු වී සාකච්ඡා කළ නොහැකිනම් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් ද අපි එතුමියට මාධ්‍ය ලේකම්වරිය හරහා යොමු කර ඇත.

අප දීර්ඝ කාලයක් තිස්සේ මේ අසන ලද ප්‍රශ්න උත්සන්න කිරීමට බල පෑ එක් දේශපාලනඥයෙක් වන රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාගේද මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ තැනත්තියක් එහි මාධ්‍ය ලේකම් ලෙස සිටින බැවින් අප කලක සිට ලියන මේ තොරතුරු ඇයද දන්න බව අපි විශ්වාස කරන්නෙමු.එසේම මෙහිදී වත්මන් ලේක්හවුස් කථෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ද හිටපු ක්‍රීඩා සංස්කාරකවරයෙකු වන බැවින් ඔහුට ද මේ සටහන යොමු කරන්නේ ඔහු අප පවසන මේ රගර් ගැටළු සම්බන්ධයෙන් ආගන්තුකයෙක් නොවන බව විශ්වාස කරන බැවිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan