කොළඹ මාතලේ අපේක්ෂක ගැටළුවක් නිසා පාඨලී සමඟි ජන සංධානයෙන් ඉවත් වෙයි!

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 11, (LNW) කොළඹ :

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් සමඟ ජන සංධානයෙන් තරග කිරීමට ඉදිරිපත් කළ අපේක්ෂකයන් දෙදෙනෙක් සඳහා සමඟි ජන සංධානයෙන් අපේක්ෂකත්වය ලබා නොදීම පදනම් කර ගනිමින් ඇති වූ ගැටළුකාරී තත්ත්වයන් නිසා මෙවර මැතිවරණයෙන් ඉවත් වීමට එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය
බන්දුල චන්ද්‍රසේකර (මහ ලේකම්) සහ මාතලේ දිස්ත්‍රික්කයේ
තීක්ෂණ ගම්මන්පිල (උප සභාපති ) යන එක්සත් ජනරජ පෙරමුණ අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා නොදීම මෙම ගැටළුවට හේතු වී තිබෙනවා.

එක්සත් ජනරජ පෙරමුණ නායක පාඨලී චම්පික රණවක මේ වන විටත් සිය පක්ෂයේ තීරණය සමඟි ජන සංධානයට දන්වා තිබෙනවා.මේ අනුව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ මැතිවරණයේදී තම පක්ෂය කිසිවෙකුට සහය නොදී නිහඬව සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...