මැතිවරණ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති NPP ජාතික ලැයිස්තුවෙන් පා.මැතිවරණයට!

Date:

ජාතික ජන බලවේගය විසින්,ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ජාතික ලැයිස්තුවට නම්කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සුගත් වසන්ත ද සිල්වා සහාය පළකළ අතර, ඔහු සමාජ ක්‍රියාකාරිකයකුද වේ.

ලේඛක ලියනගේ අමරකීර්ති මහතා ඔහු වෙනුවෙන් තබා තිබූ සටහනකි මේ …

“මගෙ බැචා සුගත් වසන්ත මාලිමාවේ ජාතික ලැයිස්තුවට අත්සන් කරමින්.
දෑස් නොපෙනෙන ඔහු මේ සැරේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සමහර ආචාර්ය මහාචාර්යවරුන්ටත් වඩා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක්.
තියුණු චින්තකයෙක්.
දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක්.
විශේෂ හැකියාවන් ඇති අයද ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම ගැන මාලිමා නායකත්වයට ස්තුතියි.
1990දී පළමු වසර බැච් ට්‍රිප් එකේදි අපි සුගත්ව හන්තාන මුදුනටම එක්ක ගියා.
එදා ඔහුගෙ අතින් අල්ලාගෙන කන්ද නැග්ග එක්කෙනෙක් මම.
මේ සැරේ ඔහු පාර්ලිමේන්තුවට එක්ක යමු! එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඓතිහාසික ආදර්ශයක් දිය හැකි අවස්ථාවක්.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...