මස්ක්ගේ අලුත් පිම්ම සමඟ ආ Cybercab සේවාව!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 11 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
Tesla ප්‍රධානී Elon Musk විසින් සමාගම විසින් දිගු කලක් බලා සිටි රොබෝටැක්සි සේවාව “Cybercab” කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි Warner Bros Studios හිදී එළිදක්වා තිබේ.

පියාපත් වැනි දොරවල් දෙකක් සහ පැඩලයක් හා සුක්කානමක් නොමැති මෙම වාහනය, ටෙස්ලා සමාගමේ මීළඟ පරිච්ඡේදයට අලුත් පිටුවක් පෙරළමින්, නවීන දෙයක් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ මස්ක් මහතා මෙලෙස ප්‍රකාශ කළේය.

“We,Robot” ලෙස ඉදිරිපත් කරන ලද මෙම උත්සවයේදී, මස්ක් නම් ප්‍රකෝටිපතියා තම මතය අවධාරණය කරමින් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වන වාහන මිනිසුන් විසින් ක්‍රියාත්මක කරන වාහනවලට වඩා ආරක්ෂිත බවත්, සවාරි සඳහා කුලියට දීමෙන් අයිතිකරුවන්ට මුදල් උපයා ගත හැකි බවත් පැවසීය.

“2027 ට පෙර” නිෂ්පාදනය ආරම්භ වනු ඇතැයි මස්ක්ගේ අනාවැකියත් සමඟ නවීන ලෝකයට කෙමෙන් කෙමෙන් අපේ අද දින ඇදී යනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...