ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයේදී නව නායකයෙක්

නදීක දයා බණ්ඩාර – මහනුවර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයේදි නව නායකයෙකු බිහිවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පවතින නායකත්වය සැමදා නොපැවතිය යුතු බවත් ජනතාව අපේක්ෂා කරන්නේ නව නායකත්වයක් යැයි අද (11) මහනුවර දී ඒ මහතා කීවේය.

මහනුවරට පැමිණි ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය. එහිදි ඒ මහතා පිළිගන්නා ලද්දේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

අප සමඟ රැදී සිට ඉදිරි කටයුතුවලදී සහයෝගය ලබා දෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුමේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඉවසිලිවන්තව රැදී සිටීම ඉතා වැදගත් යැයි කී හෙතෙම, ජනතා ඉල්ලීම් ඉටු කිරීම වැදගත් යැයි ද කීවේය.

ඡන්දය කල් දැමීමක් පිළිබදව තමන්ට වාර්තාවී නොමැති නමුත් ඡන්ද කල් දැමීමක් සිදුවන්නේ නම් එය නිවරැදි නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...