ඔන් ලයින් පනතට එරෙහිව සිව් වෙනි පෙත්සමත් ශ්‍රේෂ්ඨාධිකරණයට!

Date:

කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඇය පවසන්නේ අද (11) පෙරවරු 11.30ට සිය නීතීඥ කණ්ඩායමත් සමඟ එක්ව එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කිරීමට නියමිත බවයි.

මේ අතර මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ. රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා මාධ්‍ය නීති සංසදය විසින් අනික් පෙත්සම් 2ක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

එම පෙත්සම්වලත් වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයායි. මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් මාධ්‍යවේදීන්ගේ නිදහස බරපතල ආකාරයෙන් කප්පාදුවීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, නිදහසේ සිතීමේ මූලික අයිතිය යනාදි මූලික අයිතිවාසිකම්ද යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගතය විධිවිධාන වලින් බරපතල ලෙස උල්ලංඝනය වන බවත් පෙත්සම් වල සඳහන් කර ඇත.

ඒ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...