යුතුකම් සහ අයිතිය ගැන කතා කළ ජෝ බයිඩන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගාසා තීරය ආසන්නයේ දිගින් දිගටම සටන් පවතින බැවින් හමාස් සංවිධානයේ ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට යුතුකමක් සහ අයිතියක් ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ජෝ බයිඩන් සඳහන් කළේ එක්සත් ජනපදය ඊශ්‍රායලය සමග සිටින බවත් එයට අවශ්‍ය ඕනෑම ආධාරයක් ලබාදෙන බවත්, සටන්වලදී අවම වශයෙන් අමෙරිකානුවන් 14 දෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් අය ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

හමාස් සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රහාරයන් සඳහා සාධාරණීකරණයක් නොමැති බවත්, මියගිය හෝ අතුරුදහන් වූ එක්සත් ජනපද පුරවැසියන්ගේ අනන්‍යතාවය තවමත් නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර නැති බව ඔහු සඳහන් කරයි.

එක්සත් ජනපදය ඊශ්‍රායලය සමඟ බුද්ධි තොරතුරු බෙදා ගන්නා බවත් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ උත්සාහයන් පිළිබඳව ඊශ්‍රායල සගයන් සමග සාකච්ඡා කිරීමට සහ උපදෙස් දීමට විශේෂඥයින් යොදවා ඇති බවත් ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ජෝ බයිඩන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා වශයෙන්, ලොව පුරා ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාවට වඩා මට ඉහළ ප්‍රමුඛතාවයක් නොමැති බවද ඔහු තවදුරටත් එහිදී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...