රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල තාවකාලිකව අවලංගු කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙම උත්සව තාවකාලිකව අවලංගු කළ බවය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝබර් 14 වනදාත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වනදාත් පැවැත්වීමට නියමිතව තිබුණි.

එම උත්සව පැවැත්වෙන දිනයන් පසුව දැනුම්දීමට පියවර ගන්නා බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...