ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ වංචාවට වැට බැඳීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
“විපක්ෂයේ අයටම කියන්න සිද්ධ වුණා පාර්ලිමේන්තුවේදී ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය භාණ්ඩාගාරයේ මොකක්ද වෙලා තියෙනවා කිව්වෙ, පිරී ඉතිරී ගොස් ඇත. අන්න එහෙම කියන්න සිද්ධ වුණා. එහෙම නම් මේ රාජ්‍ය භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා ගියේ කොහොමද ? ඔබට මතක ඇති අපිම මේ ගම්තුලානේ හැමතැනම ඇවිල්ලා කිව්වා අපේ ආණ්ඩුවක් යටතේ අපි නොමිලේම ආදායම් ලබන පළවෙනි ක්‍රමය තමයි, මහන්සියකින් තොරව ආදායම් ලබන පළවෙනි ක්‍රමය තමයි අපිට ආණ්ඩුවක් තමුන්නාන්සෙලා දුන්නාට පස්සේ අපේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය, වංචාව මෙන්න මේ ටිකට අපි වැට බඳිනවා. මේක 100%ක් අපිට නැතිකරන්න බැහැ. මේ වැට බැඳීම ඇතුළේ කෝටි කන්දරාවක් රටේ සල්ලි එකතුවෙනවා, අන්න ඒක අපේ ආදායමක් බවට පත්වෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරයට සල්ලි එකතුවෙන එක ක්‍රමයක් තමයි ඒක කියලා අපි කිව්වා. අද ඒක එක ක්‍රමයක් බවට පත්වෙලා තිබෙනවා. මේක තමයි ඇත්ත තත්වය”
නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (11) නිකවැරටියේදී පැවති “අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” ජන රැලිය අමතමිනි.


