අදත් (26) ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 26) දිනයේදී උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 01.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය සමග සාකච්ඡා අසාර්ථකයි. ගුරු – විදුහල්පතිවරුන් 30 ලෙඩ වෙයි. සියලුම පාසල් වැසෙන ලකුණු !

අග්‍රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය සමග ඊයේ (25) සවස පැවති...

කලවාන සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන විවිධ සේවා සමූපාකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය...

මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමෙන් පසු ….

මේ වන විටද බොහෝ දෙනෙකු දන්නා පරිදි, මහ බැංකුව...

2026 මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28 ඉක්මවයි ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: පසුගිය වසරට සාපේක්ෂව 6.03%ක...