අගමැතිනිය සමග සාකච්ඡා අසාර්ථකයි. ගුරු – විදුහල්පතිවරුන් 30 ලෙඩ වෙයි. සියලුම පාසල් වැසෙන ලකුණු !

අග්‍රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය සමග ඊයේ (25) සවස පැවති සාකච්ඡාවේදී තම ගැටලුවලට සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් නොවැම්බර් 30 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව, නොවැම්බර් 30 වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට නොපැමිණ සිටීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

“අපට සෑහීමකට පත්විය හැකි ආකාරයේ කිසිම පිළිතුරක් අපට ලබාගන්න මේ පැය තුනක සාච්ඡාවේදී බැරිවුණා. ඒ නිසා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කරපු පරිදි නොවැම්බර් 30 වැනිදා දීප ව්‍යාප්ත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සිද්ධ කරනවා. සියලුම පාසල් වැසෙයි. දරුවන්ට අගතියක් සිද්ධ වුණොත් අදාළ බලධාරීන් ඊට වගකිව යුතුයි” යනුවෙනුයි මේ පිළිබඳ අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යලේවෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලවාන සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන විවිධ සේවා සමූපාකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය...

මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමෙන් පසු ….

මේ වන විටද බොහෝ දෙනෙකු දන්නා පරිදි, මහ බැංකුව...

2026 මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28 ඉක්මවයි ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: පසුගිය වසරට සාපේක්ෂව 6.03%ක...