ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් සිද්ධි 4 කට අදාළව සිදුවන විමර්ශන සදහා කළ දැනුම්දීමක් මත අල්ලස් කොමිසමට අද (12) පෙරවරුවේ මන්ත්‍රීවරයා පැමිණ තිබුණි.
අනතුරුව අදාල ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
පතල් කැණීම් බලපත්‍ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබාගත් බවට චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා මන්ත්‍රීවරයා කොමිසමට කැඳවා ඇත.


