පොහොට්ටුව අලව්වේ අයවැය පරාදයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.

අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (11) පැවැත්වී ඇති අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 18ක් ලැබී ඇති අතර ඊට පක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 9ක් පමණි.

අලව්ව ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 15 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ය.

කෙසේවෙතත් ඊයේ පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් අයවැයට පක්ෂ වී තිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඔවුන් සමග එක්ව අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඊට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයකුත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ එක් මන්ත්‍රීවරයකු ඊයේ දිනයේදී සභාවට පැමිණ සිටියේ නැති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...