පොහොට්ටුව අලව්වේ අයවැය පරාදයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.

අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (11) පැවැත්වී ඇති අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 18ක් ලැබී ඇති අතර ඊට පක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 9ක් පමණි.

අලව්ව ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 15 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ය.

කෙසේවෙතත් ඊයේ පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් අයවැයට පක්ෂ වී තිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඔවුන් සමග එක්ව අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඊට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයකුත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ එක් මන්ත්‍රීවරයකු ඊයේ දිනයේදී සභාවට පැමිණ සිටියේ නැති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...