පින්නදූව – ඉමදූව අතර දක්ෂිණ අධිවේගයේ නාය යාමක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ(11) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව,මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පින්නදූව සහ ඉමදූව අතර 102වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ගය දෙපසම කඳු මෙලෙස නායගොස් ඇති බවත්, එම කඳු ප්‍රදේශවල ඉහළ සිටින පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථානය කරා යොමුවන ලෙසත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

අද උදෑසන වනවිට නැවත රථවාහන ගමන් කිරීමට මර්ගය විවෘත කර ඇතිබවද මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...