*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

සූර ශ්‍රී ලංකාවේ ගමනට උස්බෙකිස්තානය හරස් වෙයි!

මධයම ආසියානු පිරිමි වොලිබොල් සූරතාවලියේ වත්මන් සූරතාවය හිමි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ අනපේක්ෂිත පරාජයකට ඊයේ උස්බෙකිස්තානය හමුවේ මුහුණ දුන්නේය.ඇෆගනිස්තානයට වට 3-2 න් පරාජය වී සිටි උස්බෙකිස්තානය මේ තරගයේදී දැඩි ආක්‍රමණිකශීලී ප්‍රවේශයකින් තරගයට අවතීර්ණ වී සිටි අතර මේ දක්වා මුහුණ දුන් තරග දෙකම පහසුවෙන් ජයග්‍රහණය කර සිටි ශ්‍රී ලංකාව වට 5 ක් දකවා තරගය රැඟෙන ගියද,ප්‍රහාර වළක්වා ගැනීමේ දී යම් පසුබැස්මක් මේ තරගයේදී පෙන්වීය.


ශ්‍රී ලංකාව ලද මේ පරාජයත් සමඟ මෙවර සිය සූරතාවය රැක ගැනීම දැඩි අභියෝගයකට ලක් විය හැකි තත්ත්වයක් මතු වී ඇත.අද තරගාවලියේ විවේක දිනය වන අතර හෙට ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නට නියමිතව ඇති අපරාජිතව සිටින ඇෆ්ගනිස්තානය වට 5 ක් නොයවා පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබීම මෙහිදී අතිශයින් වැදගත් වනු ඇත.ශ්‍රී ලංකාව වට 2-3 ක් ලෙස උස්බෙකිස්තානය ඉදිරියේ පරාජය වූ තරගයට වඩා උස්බෙකිස්තානය ඇෆ්ගනිස්තානය වෙතින් පරාජය වූ තරගයේදී ඇෆ්ගනිස්තානය හා සමීපව ලකුණු මට්ටම රඳවා ගනිමින් තරග වැදිණි.මේ තත්ත්වය නිසා ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ශ්‍රී ලංකාවට විශාල කැපවීමකින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමේ වගකීම පැවරෙනු ඇත.
සවුදි අරාබිය සහ නේපාලය පරාජය කරමින් සිය සූරතාවය රැක ගැනීම සඳහා අවශ්‍යය පසුබිම සකස් කරගෙන සිටි ශ්‍රී ලංකාවට උස්බෙකිස්තානය වෙතින් අත් විඳින්නට සිඳු වූ මේ පරාජය යම් ආකාරයකට අඳහාගත නොහැකි එකක් විය.මෙහිදී ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ ප්‍රහාර වැළක්විම සහ පන්දු පිරිනැමීමේ අංශයය.තීරණාත්මක අවස්ථාවන් හී පන්දු පිරිනැමීමේදී ශ්‍රී ලංකාව අහිමි කර ගන්නා ලකුණු ප්‍රමාණය අවම කර ගැනීම හෝ වළක්වා ගැනීම මෙහිදී වැදගත් දෙයක් වන අතර පන්දු ගොඩ ගැනීම සම්බන්ධයෙන් ද ඇති වූ අපහසුතා නිවැරදි කර ගැනීමට ශ්‍රී ලංකාව මේ කණ්ඩායම් හා සසඳන කල ඇති විවේකී දිනය ප්‍රමාණවත් බව පැහැදිළිය.


උස්බෙකිස්තානය මේ තරගයට පිවිසෙන්නට පෙර ඉතා හොඳින් හ්‍රී ලංකාව හදාර තිබුණ බව පැහැදිළි වූ කරුණකි.විහේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ප්‍රහාරයන් හි ස්වභාවය දැන ඒවා වැළක්වීම කෙරෙහි යොමු කර තිබුණ අවධානය කියා පෑවේ පූර්ව සැළසුම් සම්බන්ධයෙන් ඔවුන් දක්වා තිබෙන අවධානයය.ඇෆ්ගනිස්තාන කණ්ඩායම ද මේ ආකාරයෙන්ම සිය අවධානය යොමු කර සැළසුම් සහගතව පිටියට පිවිසෙන බව සහතික බැවින් හෙට තරගයේදී නව සැළසුම් සහිත තරග රටාවක් මෙන්ම ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් පූර්ව හැදෑරීමක් කිරීම වැදගත්ය.ඒ නිසා තරගාවලියට විවේක දිනයක් වුව ද,ශ්‍රී ලංකා පුහුණුකරු චන්න ජයසේකර ඇතුළු පුහුණු බල ඇණියටත්,ක්‍රිඩක කණ්ඩායමටත් විවේකි දිනය සිරුරටත් වඩා මනසට වැඩ සහිත දවසක් වනු ඇත.


වොලිබෝල් සම්මේලනය සතු ක්‍රිඩාංගණය සඳහා ගාල්ලට යාමට වඩා මෙහිදී වැදගත් කාර්යභාරයක් අද දවස තුළ කොළඹදී ඉටු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ගෘහස්ත පිටිය යොදා ගත හැකිනම් සත්කාරකයන්ට එය වැදගත් වනු ඇත.කයට දැඩි වෙහෙසක් නොදැනෙන ලෙස ප්‍රහාර නව්‍යතාවයකින් සැළසුම් කිරීම මෙන්ම ප්‍රතිප්‍රහාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් සියුම් අධ්‍යයනයකින් කටයුතු කිරීම අවශ්‍ය කරන මොහොතක් ශ්‍රී ලංකාවට උදා වී තිබේ.විශේෂයෙන් ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව වන තරගයේදී විශාල අවධානයකින් මහේල ඉන්දීවරව අධ්‍යයනය කර පැමිණෙනු සැක නැතවෘත්තීය මට්ටමෙන් යුරෝපයේ වොලිබෝල් ක්‍රීඩා කරන මහේල මේ තරගාවලියේදී සිය වාත්තිමය මට්ටම සෙසු ක්‍රීඩකයින් පරයා ඉදිරියෙන් තබාගෙන ක්‍රීඩා කිරීම ප්‍රතිවාදී කණ්ඩායම්වලට දරුණු හිසරදයක් ඇති කර තිබෙන බව සහතික නිසා ඇෆ්ගන් කණ්ඩායම ඒ ගැන විශේෂ අවධානයකින් පැමිණෙනු සැක නැත.එසේම සිය වෘත්තීයභාවය සුරක්ෂිත වන ආකාරයේ ප්‍රහාර මෙන්ම පන්දු පිරිනැමීමේ කාර්යේදී ද සුළු කළබලයක් හෝ නොපෙන්වා ආදර්ශමත් වීම තුළින් ශ්‍රී ලංකාව රැක ගැනීමට මහේල අදිටන් කර ගත යුතුය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan