සහයට හමුදාවත් ආවා.හවස් වෙද්දී එක් මංතීරුවක් හරි විවෘත කරනවා – RDA අධ්‍යක්ෂ ජනරාල්

Date:

කොළඹ LNW:පින්නදූව සහ ඉමදුව අතර කොටසේසිදු වූ නායේ යෑම නිසා මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් නතර කර තිබෙන නමුත් සවස් කාලය වන විට එක් මංතීරුවක් හෝ ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා පැවසුවේය.

ඊයේ පැවති වර්ෂාව මධ්‍යයේ වුවද පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි වීරකෝන් මහතා සඳහන් කළේ.

එම කටයුතු සඳහා හමුදා සහයද ලැබී තිබෙන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂණයන්ට ද යටත් කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත සවස් කාලය වන විට එක් මංතීරුවක් හෝ විවෘත කිරීමට නියමිතයි.

අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් නායේ යාමේ අවධානමක් පවතින බවද වීරකෝන් මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...