එක්සත් ජනපදයේ නව කතානායකවරයා ස්ටීව් ස්කැලිස් ද ?

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නව කථානායකවරයා තොර පත් කර ගැනීමට ජිම් ජෝර්ඩන් හා ස්ටීව් ස්කැලිස් අතර පැවති රහස් ජන්දයෙන් ජිම් ජෝර්ඩන් 99ක් හා ස්ටීව් ස්කැලිස් 113ක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ජයග්‍රහණය වෙනුවෙන් රිපබ්ලිකානුවන් 221 දෙනාගෙන් අවම වශයෙන් ජන්ද 217ක් අවශ්‍යවන අතර ස්ටීව් ස්කැලිස් තම පක්ෂයේ ප්‍රමාණවත් ඡන්ද සොයා ගැනීමට පොරකමින් සිටින බවයි වාර්තා වන්නේ.

හිටපු කතානායක කෙවින් මැකාති ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස සිය පක්ෂයේම අභ්‍යන්තර කැරැල්ලකින් කතානායක තනතුර අහිමිවීමත් සමඟ ඇතැම් නීති සම්පාදකයින් සැක පල කරන්නේ පක්ෂය තුළ ඇති බෙදීම් හේතුවෙන් ස්කැලිස් මහතාගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් ජන්ද ඔහුට නොමැති බවටයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරීම ජිම් ජෝර්ඩන් වන අතර කොලරාඩෝ හි ලෝරන් බෝබර්ට්, ජෝර්ජියාවේ මාජෝරි ටේලර් ග්‍රීන් සහ ෆ්ලොරිඩාවේ ඇනා පෝලිනා ලූනා ඇතුළු තවත් රිපබ්ලිකන් නියෝජිතයන් කිහිප දෙනෙක් ස්කැලිස් මහතාට ඡන්දය දීමට අදහස් නොකරන බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...