*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

2001 සෙල්ලම නැවත පටන් අරන් – ජල සම්පත විකුණන පනතත් සූදානම්

කොළඹ LNW: රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකිණීමට දිගින් දිගටම ගෙන යන ක්‍රියාමාර්ගවල නවතම පියවර ලෙස රටේ ජලය විකිණීමට අදාළව නව පනතක් සම්පාදනය කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

ඉතිහාස ගත ජල ශිෂ්ටාචාරය වත්මන් පාලකයන්ට පෙනෙන්නේ වෙළෙඳ භාණ්ඩයක් ලෙස යැයි විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

2001 වසරේ සිට ජලය විකිණීමේ පනත ගෙන එන්නට වරින් වර උත්සහ කර තිබෙන අතර එය යළිත් වටයකින් හිස ඔසවා තිබෙන බවත් වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන 2023 ජූනි 28 අලුත් කැබිනට් පත්‍රිකාවක් මඟින් ජල සම්පත විකිණීමට අදාළ “ශ්‍රී ලංකාවේ ජාතික ජල ප්‍රතිපත්ති කෙටුම්පත” හඳුන්වා දී තිබෙන බවයි විද්‍යාරත්න මහතා පවසන්නේ.

ජාතික ජන බලවේගය ලෙස ජල කළමනාකරණයට පක්ෂ වුවද එම දවටනයේ ඔතාගෙන එන විකිණීමේ ක්‍රියාවලියට විරුද්ධ බව හෙතෙම ප්‍රකාශ කරයි.

”වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන 2023 ජූනි 28 අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. “ශ්‍රී ලංකාවේ ජාතික ජල ප්‍රතිපත්ති කෙටුම්පත” ඒ මගින් හඳුන්වා දුන්නා. කෙටුම්පතෙන් නතර නොවී ඊට අදාළ අනෙකුත් අමාත්‍යාංශත් එකතු කරගෙන පනත හදන්න දැන් මුලපුරලා තිබෙන්නේ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කෙටුම්පතේ 2003 ඉදිරිපත් කළ කාර්යයන් ඒ විදිහටම තිබෙනවා. ජලය විකිණීම සඳහා වූ ආයතනික සැකැස්ම ගැන 08වැනි වගන්තියේ දක්වා තිබෙනවා. ජතික ජන බලවේගය හැටියට අපි අවධාරණය කරන්නේ ඉතිහාසයේ තිබුණා වැනි විශිෂ්ට ජලය කළමනාකරණයක් තිබිය යුතු බවයි. නමුත් කළමනාකරණයේ නාමයෙන් එන ජලය විකිණීමේ ක්‍රියාවලිය නිවැරදිව හඳුනාගෙන පරාජය කළ යුතුයි. රටකට සියලු සම්පත් ලැබීමට නම් නිසි කලට වැසි ලැබිය යුතු බව බෞද්ධ ධර්මයේත් සඳහන් වෙනවා. ලෝකයේ විශිෂ්ට ජල තේමා පාඨය ඉදිරිපත් කළේ මීට වසර 900කට පමණ පෙර පරාක්‍රමබාහු රජතුමායි. “අහසින් වැටෙන එක දිය බිඳුවකුදු මානව වර්ගයාගේ ප්‍රයෝජනයට ගෙන මිස මුහුදට යාමට ඉඩ නොතබමි” යනුවෙන් හඳුන්වා දුන්නා. ඊට අනුව යමින් එදා සිටි මෙරට පුරවැසියෝ දහස් ගණන් වැව් අමුණු බැන්දා. වැව් තිස්දහසකට වැඩි ප්‍රමාණයක් රට පුරා ඉදිකළේ ඒ අනුවයි.

අපි අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගය ලෙස අපි ජල කළමනාකරණයට පක්ෂයි. නමුත් ඒ දවටනයේ ඔතා ගෙන එන විකිණීමේ ක්‍රියාවලියට අපි ඉඩ දෙන්නේ නැහැ. දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවට අනුව ‘ජාතික ජල සම්පත් සභාව’ යනුවෙන් හඳුන්වන ආයතනයක් පිහිටුවනවා. ඒ වගේම ‘ජාතික ජල සම්පත් ලේකම් කාර්යාලය’ සහ ‘ජල සම්පත් අභියාචන මණ්ඩලය’ යනුවෙන් ආයතන තුනක් පිහිටුවනවා. මේ වගේ ආයතන තුනක් පිහිටුවා නිලධාරීන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට දී තිබෙනවා. ජාතික පාරිසරික කාලගුණ තත්ත්ව පිළිබඳ විද්වතෙක් සභාපති හැටියට පත්කරන බව සඳහන් කර තිබුණත් මේ වන විටත් ඔහු පත්කර අවසන්. දේශගුණ විපර්යාස අධ්‍යයනය සඳහා රනිල් රාජපක්ෂ මේ වන විටත් පත්කර තිබෙන එම පුදගලයා අපි කවුරුත් දන්න එරික් සෝල්හයිමි. ඔහුට පඩි දෙන්නේ ඩොලර්වලින්. ඔහු මේ ආයතන ටිකටත් පත්කරාවි යැයි අපි විශ්වාස කරනවා. මාලදිවයිනේ මොහොමඩ් නසීම් තවත් උපදේශකයෙක් විදිහට පත්කරගෙන ඩොලර්වලින් පඩි ගෙවනවා. 2003 වසරේ ක්‍රියාවලිය පිටුපස සිටි කුමන්ත්‍රණකාරී එරික් සෝල්හයිම් පත්කර ගෙන සිටින්නේ දිගුකාලීන අරමුණු ඇතිවයි. කෘෂිකාර්මික විද්වතෙක්, ජල සම්පත් කළමනාකරණ විද්වතුන් දෙදෙනෙක් වශයෙන් ජනාධිපති විසින් මේ සභාවට නිලධාරීන් පත්කරනවා. ඒ අනුව බලනකොට ජනාධිපතිවරයාගේ හිතවත් කණ්ඩායමක් ජලය විකිණීමට අදාළ ක්‍රියාවලිය වෙනුවෙන් පත්කරන බව පැහැදිලියි. මේ ව්‍යාපෘතිවලට ආයෝජන වශයෙන් ගෙනෙන ඩොලර්වලින් කොමිස් ගහන පාලකයන් මෙතෙක් ගෙන ආ ක්‍රියාමාර්ගවලට වඩා මෙය භයානක බව අපි ජනතාවට අනතුරු හඟවනවා.”

මීට අදාළව පසුගිය අගෝස්තු 29 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් ලිපියක අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්.ඩී.ජේ. ප්‍රනාන්දුගේ අත්සනින් ජනාධිපති, අගමැති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම සහ වැවිලි අමාත්‍යාංශවල ලේකම්වරුන් ගණනාවකට ජල පනතක් හැදීමට උපදෙස් දී ඇති බව විද්‍යාරත්න මහතා තවදුරටත් කියාසිටියි.

”ඒ පනත හැදීමේදී ඇතුළත් කළ යුතු තීන්දු කිහිපයක්ම දක්වා තිබෙනවා. කළමනාකරණය සම්බන්ධයෙන් දැනට කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ජල සම්පත් මණ්ඩලය යන ආයතනවල කාර්යභාරය සමාලෝචනය කර වර්තමානයට ගැලපෙන ලෙස ඒ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසුව මේ ආයතන තුන ඒකාබද්ධ කළ තනි ආයතනයක් ජල කළමනාකරණය වෙනුවෙන් පිහිටුවිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ගෘහ අවශ්‍යතා, කෘෂිකර්මය, වගේම කර්මාන්ත බලශක්ති සහ සේවා යන කටයුතු වෙනුවෙන් අපේ රටේ ජලය පාවිච්චි කරනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ කෘෂිකර්මාන්තය. අගමැති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මෙරට ජල සම්පත ගණනය කර, සංඛ්‍යා දත්ත මතුපිට ජලය ඝන මීටර් බිලියන 52ක්, භූගත ජලය ඝන මීටර් බිලියන 07ක් සහ කලපු ආශ්‍රිතව ඝන මීටර් බිලියන 07ක් තිබෙන බව සඳහන් වෙනවා. මේ අනුව අපේ රටේ ජලය බිලියන 66ක් තිබෙනවා.

ඒ අතර වර්ෂාපතනයෙන් වසරකට ඝන මීටර් බිලියන 130ක් ලැබෙනවා. ලෝකයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 750යි. නමුත් අපේ රටේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 900යි. අපි ශුෂ්ක බව නැත්නම් දුෂ්කර බව කියන ප්‍රදේශවල පවා ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ඉහළින් අපි ඉන්නවා. ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය අවුරුද්දකට මිලි ලීටර් 2080ක වෙනවා.”

අනාගතයේ අභිමානවත් රටක් ගොඩනඟන්න උපකාරී වන මේ ජල සම්පතේ අයිතිය ලබාගන්න බහුජාතික සමාගම් අවුරුදු තිස් ගණනක් පමණ සිට උත්සාහ කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan