*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

පුරාවෘත්ත කිසිදා මිය යන්නේ නැත …

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවීන රන්ගධරයකුගේ අවසන් හුස්ම පොද මේ වාතලයට මුසුවී අවසන්. මේ මොහොතේ ගෙවෙන්නේ ඔහු සියසින් දැක ගැනීමේ අවසන් හෝරාවයි.

අද අවසේ රාගම ශුද්ධ වී පේදුරු පාවුළු දේවස්ථානයේදී ජැක්සන් ඇන්තනී නම් ඒ අසාමාන්‍ය යුග පුරුෂයාගේ දේහය මිහිදන් වනු ඇත.

දශක පහකට අධික කාලයක් හෙල කලා කෙත අස්වැද්ද වූ මේ දැවැන්තයා අද මෙලොවින් සදහටම නික්මෙන්නේය.

වෙලාවකට ඔහු මෙහෙම කියනවා …

ජීවිතයට රේඛාවක් තියෙනවා…ජීවිතයට පිළිවෙලක් තියෙනවා…මුලක් මැදක් අඟක් ජීවිතයට නියම වෙලයි තියෙන්නේ..”

මම ජනතාවගේ ගඳ සුවඳ හඳුනන ජනතාව තුළම ජීවත් වන ජනකෘතියෙන්ම බිහිවුණ මිනිහෙක් “

විටෙක සාහිත්‍යවේදියෙක්…මහා විචාරකයෙක්…ගායකයෙක්..මනිවේදකයෙක්..නර්තන ශිල්පියෙක්…නමුත් ඔහුගේ ඇගේ ඇති කා වැදුණු දේ මහා රන්ගන විලාසයයි. සිනමා ස්ක්විති ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම ප්‍රතිභාපූර්ණ කලා කරුවන්ගෙන් පසු ජැක්සන් ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඉන්න ම ඕන මිනිස්සු කලින් ම ගිහින්
යන්න ම ඕන අය තාමත් වැජඹෙනවා
ඒ මොනවා වුණත් වගකිම් පිරුණු ජීවිතයෙන් මිදෙනවා කියන්නෙම සැනසීමක්…..
නොගොසින් එන්නට බැරිය
නැවිදින් යන්නට බැරිය
මේ ගෙවී ගියේද ජීවිත ගමනේ එක් නවාතන්පොළක අවසානය නොවේද…

ඒත් යළි සැනෙකින් පටන් ගැන්මක් නොවේද….?

මිනිස්සුන් නික්ම ගියද, ඔවුන්ගේ මතක නික්ම නොයනු ඇත. ඔබ කලාගාරයකි, පුරාවෘත්තයකි. පුරවෘත්ත කිසිදා මිය දෙන්නේ නැත ..

ඔහු මේ කළේ ඔහුට ජැක්සන් මහතා වෙනුවෙන් කළ හැකි උපරිමයයි,,

මුහුණු පොතේ උඩ පහළ යද්දි ‘විෂම භාග’ චිත්‍රපටයේ වීඩියෝ ක්ලිප් එකක් දැක්කා.
එහි ජැක්සන්, ගුරුවරයෙකුගේ චරිතයකට රඟපානවා.


ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියළ එහි ලියලා තිබ්බත් ජැක්සන් ඔබ නම් අසාමාන්‍ය පුද්ගලයෙක්. මන්ද, වීඩියෝව පුරාවටම තිබුණු ජැක්සන් ඇන්තනී ගේ රංගන ප්‍රතිභාව දිහා බලන් ඉඳපු මට හිතුනේ ඒ කතාව කොච්චර වැරදිද කියමනක්ද?
එක් දෙයකට සීමා නොවූ, බොහෝ දේවල් වලට සමත් විරල මිනිස්සුත් මේ ලෝකයේ ඉන්නවා.

ජැක්සන් ඇන්තනී ඒ කුලකයට අයත් පිරුණු මිනිසෙක්, කලාකරුවෙක්.


ඔහු අතිවිශිෂ්ඨ රංගන ශිල්පියෙක්. සිනමාවේත්, වේදිකාවේත්, ටෙලි නාට්‍යයේ දීත් ඔහුගේ රංගනය ප්‍රතිභාපූර්ණයි. රඟපෑමක් දැයි නොතේරෙන තරමටම තාත්විකව රඟපාන නළුවෙක්.

තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේත්, ගිනි අවි සහ ගිනි කෙලි චිත්‍රපටයේත්, අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයේත් ජැක්සන් ඇන්තනී ගේ චරිත වල තිබුණේ එකම තාත්වික රංගනයක්. ජැක්සන් විශිෂ්ඨ ගුවන් විදුලි නිවේදකයෙක්.
හඬෙන් පමණක් චිත්ත රූප මැවිය හැකි විශ්මිත කතන්දර කියන්නෙක්.
ඔහු අති දක්ෂ ඉදිරිපත් කරන්නෙක්.

ඔහු රූපවාහිනියෙන් ඉදිරිපත් කළ ඉතිහාස වැඩසටහන්, ගවේෂණ වැඩසටහන් ඇතුලේ මහා දැනුමක් හැංගිලා තිබුණා. ජැක්සන් ඉතිහාසය, පරිසරය, සාහිත්‍ය ගැන අපරමිත දැනුමක් තිබූ මිනිහෙක්. ජැක්සන් දක්ෂ ලේඛකයෙක්.
ඔහු ලියූ තීරු ලිපි වල සාහිත්‍යයක්, අමුතු රසක් ගැබ් වෙලා තිබුණා.
කොටින්ම ජැක්සන් විශ්ව කෝෂයක්.

අපෙන්, කලාවෙන් අද සදහටම නික්ම ගියේ විශ්ව විද්‍යාලයක් වගේ පිරුණු කලාකරුවෙක්. ඔහුගේ සමුගැන්මෙන් පසු තවදුරටත් සිංහල චිත්‍රපටයක සංකීර්ණම හැඟීම් මූහුණෙන් පමණක් පෙන්විය හැකි චරිතයකට සුදුසු නළුවෙක් අධ්‍යක්ෂකවරුන්ට නැති වේවි.

තවදුරටත් ඉතිහාසය පිළිබඳවත්, කළු ගඟ ගැනත් රස කරලා කියලා දෙන්න පුලුවන් ඉදිරිපත් කරන්නෙක් අපිට නැති වේවි. ජැක්සන් ඇන්තනී මෙරට කලාවට තවත් බොහෝ දෑ කළ හැකිව තිබූ මිනිසෙක්.
අකාලයේ වෙන්ව යද්දිත් කලාව පෝෂණය කිරීමට බොහෝ දෑ ඉතිරිව තිබූ මිනිසෙක්.

ඔහුගේ සමුගැන්ම ඔහුගේ පවුලට, හිතවතුන්ට, මිත්‍රයන්ට, රසිකයන්ට වගේම රටටත්, කලාවටත් ලොකු අඩුවක්.
ජැක්සන් ඇන්තනී නම් විසල් මිනිසාගේ නික්ම යාමෙන් නිර්මාණය වෙන්නේ කිසිදා පිරවිය නොහැකි හිස්තැනක්.

ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂ ජැක්සන් ඇන්තනී මහතා රංගනයෙන් දායක වුනු සූරිය අරණ චිත්‍රපටයේ ඇතා ඝාතනය කරන ජවනිකාව..
ඇත්තටම මේ ජවනිකාව,, ඒකාලයේ ළමා මනසට ලොකු පණිවිඩයක් එකතු කරන්න සමත් උනා කිව්වොත් නිවැරදීයි. වනජීවින් ආරක්ෂා කරන්න පත් වෙලා ඉන්න පාලකයෝ නීතියට උඩින් ගිහින් ඒවා විනාශ කරන හැටි


මස් වැද්දෙක් කියල හංවඩු ගැහුන මිනිහා (ජැක්සන් ඇන්තනී මහත්මයාගේ චරිතය) ඒකට විරුද්ධ වෙන හැටි. ඉතාම අපූරුවට මේ අවස්ථාවේ නිරූපනය කරනවා. වන ජීවින් ආරක්ෂා කරගන්න සමාජයේ ආකල්පමය වෙනසක් ඇති විය යුතු මයි.
ඒ වෙනස රෝපණය කරන්න ඕනේ ළමා හිත් වල සෝමරත්න දිසානායක මහතා ජැක්සන් ඇන්තනී මහතා ඇතුලු පිරිසට බොහොම ස්තුති ඒ පණිවිඩය ළමා මනසට දෙන්න කරපු මේ උත්සාහයට,,ඉන්දිරාජත් ඉතින් නොදැනුවත්ව හරි ඒකට දායක වුනා…..
අලි ගාලේ හස්ථි කතා 2002 වසරේ රත්නපුර මහ සමන් දේවාල පරිශ්‍රයේ දී ජැක්සන් ඇන්තනී මහත්මයා ගෘහාශ්‍රිත අලි ඇතුන් සම්බන්ධයෙන් සිදු කරන ලද විශිෂ්ට වැඩ සටහනක්.

ගඟ දිගේ, මහා සංචාරය, සලංහන්තේ කළු ගඟ දිගේ ආදී ගවේශන වැඩසටහන් වලින් අපේ රටේ පාරිසරික උරුමයන් පිළිබඳ පමණක් නොව අපි කිසිදා අසා නොතිබූ අප්‍රිකානු මහද්වීපයේ ඈත කොනක සුන්දර දේශයක් අප වෙත සමීප කරවූ ඒ මහතා අවසාන වශයෙන් රාත්‍රී කාලයේ තමන්ගේ රථය වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් අසාධ්‍යව සිට දැයෙන් සමුගෙන යන්නේ රටේ පවතින දැවෙන ගැටලුවක් වන වන අලින්ගේ නිජබිම් අහිමි වීම ගැනත් සියල්ලන්ගේම අවධානය යොමු කරමින්.

ප්‍රායෝගික උනත් නැතත් එයාල එහෙම කරල හරි ඔබේ හුස්ම රැකගන්න උත්සහ කලේ ඔබට ආදේශක නොමැති නිසා ඔබ එතරම්ම වටින නිසා ..
ජැක්සන් ඇන්තනි යනු අපේ කාලයේ මා දුටු විශිෂ්ඨතම මා සිත්ගත්ම රංගධරයෙකි.

කලා කෙත පෝෂණය කළ, ඉතිහාසය පිළිබඳ අති විශාල දැනුම් සම්භාරයක් හිමි ඔහුට ආදේශක නොමැත. මොන දේශපාලන මතයක් දැරුවත් එය මෙවන් අවස්ථාවකදී අදාල නැත. ගත යුත්ත පමණක් ගනිමු . කුමන මත දැරුවත් මොහු තුල තිබුන දැනුම් සම්භාරය , කතා විලාසය ,රංග පෞර්ෂය, ඒ පිරිමිකම, ඒ පර්සනලිටිය අතිශයින්ම දුර්ලභයි.ඔහු රටට ජාතියට සිටි මහා පෞරුෂයකින් හෙබි දැවැන්තයෙකි. සැබැවින්ම රටකට එවැනි විශිෂ්ටයෙකු පහළ වන්නේ කලාතුරකිනි. අපට එවැන්නෙකු දකින්නට ඇතැම් විට තව සිය වස් කිහිපයක් බලා සිටින්නට සිදු වනු ඇත. ඔහු එතරම් පැතිරුණු කුසලතා, දැනුම සහ බුද්ධිය සහිත ප්‍රතිභාසම්පන්නයෙකි. නොතිප් ආශාවෙන් දැනුම සොයා යන්නෙකි. මහා සිංහලේ වංශකතාව වැඩසටහන් මාලාව වුව ද එය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත්ය.

ඔබ මෙතෙක් ශ්‍රී ලාංකීය විවිධ සංස්කෘතිකාංග ප්‍රවර්ධනයට කල සේවාවට අතිශය කෘතවේදීව හදවතින්ම ස්තූතිවන්තවෙමි.

එහෙදි හමුවෙන්න…එහෙ දැන් අපේ බොහෝ කලා වීරයන් ඇති …ඔබත් ගොස් ටිකකට ගිම හැර සැනසෙන්න…


සිය ජීවිත කාලය තුළ වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව අතික්‍රමණය කළ සම්මාන පිට සම්මානයට පාත්‍ර මහා නළුවෙක්, තිරපිටපත් රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, ගායකයෙක්, ගී පද රචකයෙක්, ගුවන් විදුලි නිවේදකයෙක්, රූපවාහිනී වැඩසටහන් පූරකවරයෙක්, ගත් කතුවරයෙක්, ඉතිහාස ගවේෂකයෙක්, පරිසර ගවේෂකයෙක් මහා දැවැන්ත චරිත සම්භාරයකට පණ දුන් ජැක්සන් ඇන්තනී ආදරණීය සැමියෙක්, ආදරණීය පියෙක් ඔහු අපේ කාලයේ පහලවූ මහා ප්‍රතිභාසම්පන්න කලාකරුවාය.
ඔබේ කාලයේ ජීවත්වන්නට ලැබීම ඔබේ කලා කෘති විදින්නට හැකිවීමද අප ලද භාග්‍යක් කොට දකිමි.

ඔබ ඔබේ නමට ශ්‍රී ලාංකේය වංශකතාවේ ඉඩක් වෙන් කරගෙන අවසානයි.ඔබ වැනි ඓතිහාසික මිනිස්සු මැරෙන්නෙ නැහැ. ඔවුන් ඉතිහාසයේ තමන්ගේ ඉඩ වෙන් කරගන්නවා. නික්ම ගියද, ඔබගේ මතක නික්ම නොයනු ඇත. ඔබ කලාගාරයකි,විශ්වකෝශයකි, පුරාවෘත්තයකි.

පුරවෘත්ත කිසිදා මිය යන්නේ නැත….

ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ස්තූතී ඒ සුන්දර මතකයන්ට ජැක්සන් ඇන්තනී නැමති යුගයකට වරක් පමණක් පහළ වන ඒ අසහාය කලාකරුවා අද යන්නම යන්න ගිහින්..

සොකරි ‘ නටන අනාගතයක් ගැන අපි කොහොම හිතන්න ද අප්පච්චි …..


නුඹේ නාමය පැහැබරයි
බොහෝ කල් ලෙඩවෙලා හිටියත්
කියන්නත් බෑ පුදුමමයි
සුවඳ විහිදපු සොඳුරු මිනිසුන්
මියැදුනත් හරි ලස්සනයි…..

ජීවිත ගඟ දිගේ
ලැහැබක
සලන්හන්තතේ…පාළු තැනක…

අපි ආයෙ හමු වේවි…

පුස්තකාලය වැසුවාට…නිකුත් වූ පොත් අපමණයි..

අපෙන් පසුවත් එන අපේ පැටවුන්ට..

ඔබගෙ මහා පොත් කන්ද රකිනවා සත්තමයි…


එතෙක්…ගිහින් එන්න… සුබ ගමන්… කලාකරුවානෙණි….!!!

LNW අපගේ සංවේගය !!!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan