නීති විරෝධීව ගෙන්වූ උඳු තොගයක් රේඟු භාරයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : ඉන්දියාවේ සිට නීති විරෝධීව ආනයනය කළ , රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් උඳු මෙට්‍රික්ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවිලි අරුග්ගොඩ මහතා පැවසීය.

තවද අරුග්ගොඩ මහතා සඳහන් කළේ , මෙම උඳු තොගය කඩල අඩංගු බහලුමක සඟවා තිබී සොයා ගත් බවත් උඳු තොගයේ වටිනාකම රුපියල් මිලියන 31 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවයි.

උඳු තොගය සහිත බහලුම ඔරුගොඩවත්ත ආර්.සී.ටී. අංගනයේ ඇති අතර, මෙම මෙම උඳු තොගය කෙසේ හෝ රේගුවෙන් නිදහස් වූයේ නම් බදු වශයෙන් රජයට රුපියල් මිලියන 5.1 ක් අහිමි වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...