*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

එක්සත් රාජධානියේ නව අවස්ථා සොයන ශ්‍රී ලංකා අපනයනකරුවන් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ අපනයනවලින් 10% ක් ලබාගන්නා එක්සත් රාජධානි වෙළඳපොලේ නව ආර්ථික අවස්ථා සොයා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන් ගවේශණයක යෙදෙමින් සිටී.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මූලික අඩතාලම මත, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) නියෝජනය කරමින් දොළොස් දෙනෙකුගෙන් යුත් ව්‍යාපාරික නියෝජිත පිරිසක් 2023 සැප්තැම්බර් 11 සිට 16 දක්වා එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ අරමුණ වූයේ , දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමයි.

NCE හි මහලේකම් ශිහාම් මරිකාර්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අපනයන සමාගම් එනම් Imperial Teas, Link Natural Products, LAUGFS රබර් සංස්ථාව, City Cycle Industries, Fanam International, Ruhunu Lanka Minerals, Senikma Holdings සහ Stay Naturals යන සමාගම්වල නියෝජිතයින් ඇතුළත් විය.

මෙම සංචාරය සඳහා මහ කොමසාරිස් කාර්යාලය පහසුකම් සලසා ඇත. සැප්තැම්බර් 13 වන දින, මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා-එක්සත් රාජධානියේ වාණිජ මණ්ඩලය (SL-UKCC) සමඟ සම්බන්ධීකරණයෙන් B2B සැසියක් සංවිධානය කළ අතර ,පසුව මහ කොමසාරිස් පරිශ්‍රයේ දී පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ නියෝජිතයින් ඇතුළු එක්සත් රාජධානියේ ව්‍යාපාර 50 කට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී විය.

රැස්ව සිටි පිරිස අමතමින් මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය, රට ආර්ථික අර්බුදයෙන් මිදී සිටින තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාවට B2B රැස්වීම්වලට සහභාගි වෙමින් සහය දැක්වීම පිළිබඳව එක්සත් රාජධානියේ සමාගම්වල නියෝජිතයින්ට කෘතඥතාව පළ කළාය.

එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ අපනයන වලින් 10% කට ආසන්න කොටසක් ල්මබ්ා ගන්නා අතර එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් වන බව සඳහන් කළ ඇය, මෑතකදී ක්‍රියාත්මක කරන ලද UK-DCTS යටතේ නව සහ පුළුල් කරන ලද නිෂ්පාදන ආවරණය ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට අවස්ථාවක් නිර්මාණය කර ඇති බව පැවසුවාය. එහි ප්‍රතිලාභ උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස පැමිණ සිටි අයගෙන් ඉල්ලා සිටියේය.

2023 සැප්තැම්බර් 14 වන දින, මහා කොමසාරිස් කාර්යාලය, මහා බර්මින්හැම් වාණිජ මණ්ඩල (GBCC) සමඟ එක්ව, GBCC හි නියෝජිත පිරිස සඳහා වෙනම B2B සැසියක් සහ දිවා ආහාරය සංවිධානය කරන ලදී.

B2B සැසියෙන් පසුව බර්මින්හැම් තොග වෙළඳපොළට සහ බර්මින්හැම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සමාගම් සංචාරය කරන ලදී.

ග්‍රේටර් බර්මින්හැම් සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීමේ අරමුණින් සහ NCE හි සදාචාරාත්මක වෙළඳ සහතිකය (ETC) අනුමත කිරීම සඳහා මෙම සංචාරයේදී වාණිජ මණ්ඩල දෙක අතර අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබන ලදී.

මහ කොමසාරිස් කාර්යාලය විසින් NCE සහ UK Ethical Trading Initiative (ETI) සහ UK Commercial Horticultural Association (CHA) අතර, සැප්තැම්බර් 12 සහ සැප්තැම්බර් 15 යන දිනවල රැස්වීම් සඳහා පහසුකම් සලසා දී තිබූ අතර 2023 සැප්තැම්බර් 11 සහ 12 දිනවල ලන්ඩනයේ ඔලිම්පියා ආහාර ප්‍රදර්ශනය පැවැත්වනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan