*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ඇටමැස්සා (103) : දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව…!

ජැක්සන්.

ඔහු ගැන වේලාසනින් ලිවීමට සිදුව තිබේ.

එක් අතෙකින් ජැක්සන් වාසනාවන්තයෙකි.

අනික් අතින් අවාසනාවන්තයෙකි.

ගරිල්ලා මාකටින් චිත්‍රපටයජැක්සන් වාසනාවන්තයකු වන්නේ ඔහු අසීමාන්තික මිනිසකු වන නිසාය.

ගරිල්ලා මාකටින් චිත්‍රපටයජැක්සන් වාසනාවන්තයකු වන්නේ ඔහු අසීමාන්තික මිනිසකු වන නිසාය.

ඔහුගේ හෑකියාවට සීමාවක් නොවීය.

ඔහු අවාසනාවන්තයකු වන්නේ මේ රටේ දේශපාලන හයියෙන් වරප්‍රසාද ලැබූ එකම කලාකරුවා ජැක්සන් පමණක් වන නිසාය.

මේ රටේ ඇතැමුන් හිතාගෙන ඉන්නේ එලෙසිනි.

ඔහුගේ ඇද හිස් වනතුරු සමහරුන් බලාගෙන සිටියේ ඒ නිසාය.

ඒ අතර කලාකරුවන් ද සිටි බව කණගාටුවෙන් වුවත් සදහන් කළ යුතුය.

ඇටමැස්සාට ජැක්සන් හමුවන්නේ “අත්” නාට්‍ය හරහාය.

එවක ජැක්සන් සිටියේ හිරිමල් වියේ ය.

ජයන්ත චන්ද්‍රසිරි ගේ දෙවැනි වේදිකා නාට්‍ය වූ ” මෝරා” නාට්‍යයේ දී ජයන්තට ඕනෑ වූයේ ජැක්සන්ව යේසුස් වහන්සේ ගේ රූපයට ආසන්න වන සේ වෙස් ගැන්වීමට ය.

එහෙත් ජැක්සන් ඊට අකැමැති විය.

ඒ යේසුස් වහන්සේ නිසා නොව තමන්ගේ රූපය වෙනස් කරනවාට අකැමැති වූ නිසාය.

Screenshot 2023 10 12 at 16.52.31

වෙද හාමිනේ ටෙලිනාට්‍ය

ඉන් කාලයකට පසුව ජැක්සන් හමුවන්නේ කොළඹ සරසවියේ දීය.

ඒ, ජයන්‍තගේ ” වෙද හාමිනේ ” ටෙලිනාට්‍ය වෙනුවෙන් පැවැති සම්මන්ත්‍රණයකදී ය.

එවකට ජැක්සන් ජාතික නාලිකාවක වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු ලෙස වැඩ කළේය.

ජැක්සන් දුටු ඔහුගේ සරසවි ආචාර්යවරියක් වූ පියසීලි විජේගුණසිංහ මහත්මිය මෙසේ පැවසුවාය

” ජැක්සන් අපේ හොඳ ශිෂ්‍යයෙක්… ඒත් දැන් ජැක්සන් කට අරින කොට මට හිතෙනවා බොරුවක් කියන්නයි කට අරින්නේ කියලා …”

ජැක්සන් ඒ කතාවට හිනා වුණා මිසක් උත්තර දෙන්න ගියේ නැත.

ජැක්සන් කොළඹ සරසවියේ උගත්තේ 80 දශකයේ ය.

d6cfaa30 6673 11ee 8e48 b3861494d3c9
ඒ කාලයේ ඔහු කැම්පස් යන ගමන් තවත් තැනකට ගොඩ වදින්නේ ‍ය.

එය වූ කලි මල්ටිපැක්ස් ආයතනයයි.

PHOTO 2023 10 12 16 54 22

ජැක්සන් ඇඳි චිත්‍ර කතා

මල්ටිපැක්ස් ආයතනය විසින් නිකුත් කළ ” සුහද ” පත්තරේට ඔහු චිත්‍ර කතා ඇන්දේය.

යකාට බය නම්, සාතන්ගේ පුත්තු ඉන් සමහරකි.

PHOTO 2023 10 12 16 54 21

ජැක්සන් ඇඳි චිත්‍ර කතා

ජැක්සන් ගේ මරණයත් සමග සියලුම මාධ්‍ය ඔහුට සියල්ල දත් තනතුර බාර දී ඇති වගක් පෙනේ.

එහෙත් ජැක්සන්ට ද වැරදුනු දවසක් විය.

ඒ කතාව මෙහෙමය.

ජැක්සන් රගපෑ වේදිකා නාට්‍ය උළෙලක් සංවිධානය විය.

එය හැඳින්වූයේ “භූමිකා හත” නමිනි.

භූමිකා හත සුවනියර් එක නිර්මාණය කර ගැනීම සදහා ජයන්ත චන්ද්‍රසිරි ජැක්සන්වත් කැටුව ආවේ ශාන්ත කේ. හේරත් ළඟටය.

දැන් ජැක්සන් පැයක් පමණ තිස්සේ සුවනියර් එක නිර්මාණය විය යුතු ආකාරය ශාන්තට විස්තර කරයි.

ඉන් පසුව ඔහු ශාන්තට ඩමිය දුන්නේය.

” ඔයා සේරම දන්නවනේ…ඔයාම මේක කරගන්න “

එසේ කියූ ශාන්ත ආපසු ජැක්සන් අත සුවනියර් එක තබා පුටුවෙන් නැගිට්ටේය.

නැවත ශාන්ත ඒ වැඩේ බාර ගත්තේ ජයන්ත පැමිණ බැගෑපත් වීමෙන් පසුව ය.

ශාන්ත කේ. හේරත් ඉස්සරහා එදා ජැක්සන් කුරුමිට්ටකු විය.

ජැක්සන් ගැන කුහක කතා - (චින්තන ධර්මදාස)
ජැක්සන් මාධ්‍යකාරයකු ලෙස වඩාත් ඉස්මතු වූයේ ස්වර්ණවාහිනීය තුලිනි.

ඔහුට දක්ෂයින් හඳුනාගැනීමේ පුදුමාකාර ඉවක් තිබුණි.

ජැක්සන් සවන fm හි ප්‍රධානීයා වශයෙන් කලක් සේවය කළ බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි.

ඔහු සවන fm එක ඇතුළට ගෙනාවේ අමුතුම මිනිසුන් ටිකකි.

සයිමන් නවගත්තේගම ” මිස්ටර් ඔපසිට්” සමගය.

මුලින් සයිමන් එය ඉදිරිපත් කළේ ඩබ්ලිව්. ජයසිරි සමගය.

පසුව ජයසිරි වලියක් දාගෙන ඉවත් වූ පසු සංජීව පුෂ්ප කුමාර ඊට සම්බන්ධ විය.

සිකුරාදාට වාසල විත්ති ලිව්වේ කුල ශ්‍රී කාරියවසම් ය.

දොඹගහවත්ත හා නිලන්ත ‍‍රාජේන්ද්‍ර විසින් එය ඉදිරිපත් කරන ලදි.

බයිලා සැන්ටින් ආවේ පොලිටික් බයිලා වෙනුවෙනි.

ඇටමැස්සා ද ජැක්සන් ගේ ආරාධනයෙන් එහි ගියේය.

ඇටමැස්සා එහි එක කොපියක ලියුවේ ‘ ලබන සුමානෙත් අපි එන්නම්.. ඉඩක් ලැබුනොතින්…’ යනුවෙනි.

” මූට ඉවෙන් වගෙ දැනිලා…” 

ජැක්සන් ඇස්වල කඳුළු පුරවගෙන එසේ කියා තිබුනේ ඔහු ඉදිරියේ සිටි කමල් කාරියවසම් ටය.

හරියටම ඊට සතියකට පසු සවන fm ස්වර්ණවාහිනීයට විකුණා දමා තිබුණි.

පසුව ශ්‍රී fm වූයේ එයයි.
ජැක්සන් ඇන්තනීගේ දේහයට ගෞරව දැක්වීමට අවස්ථාව
සවන fm හි ඇටමැස්සා ලියූ ක්‍රිකට් ගැන වැඩ සටහනක් නිසා තිලංග ජැක්සන් සමග අමනාප විය.

එම වසරේ සුමති සම්මාන උළෙලේ රංගනය වෙනුවෙන් සම්මාන දෙනු තබා කිසිම අවස්ථාවක ජැක්සන් ගේ නම නිර්දේශ කිරීමටක් වත් සිදු නොවීය.

” බලපං උඹ නිසා මට සම්මාන නෙවෙයි, අඩු ගානේ මගේ නම නිර්දේශ කරන්න වත් සුදුසු වෙලා නෑ…! “

ජැක්සන් ඒ ටික කිව්වේ මහ හඩින් සිනාසෙමිනි.

ජැක්සන් ඒ ටික කිව්වේ මහ හඩින් සිනාසෙමිනි.

වරක් කොටුවේ පිහිටි ද චිල්රන් බුක් ෂොප් එකට ජැක්සන් ගියේය. 

එහිදි ඔහුට ද චිල්රන් බුක් ෂොප් අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාව හමුවිය.

මේ වනවිට වික්‍රමසූරිය මහතාගේ දෑසම අන්ධය.

පසු කාලෙක ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා ජැක්සන් කට හඬ ගැන ඇටමැස්සාට මෙසේ පැවසුවේය .

‘ ජැක්සන් ට තිබෙන්නේ ක්ලැරන්ස් ගේ කට හඬට ආසන්න හඬක් ‘.

මේ පිළිබද ඇති වූ කතා බහකදී ජැක්සන් ගැන එදා ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා කියූ දෙය දැන්වූයෙමි.

” අනේ ඒක රෙකෝඩ් කරගන්න තිබ්බ නං…”

ජැක්සන් ඒ ටික කී හැටි ඇටමැස්සාට තාම මතකය.

ජැක්සන් නික්ම ගියේ ඔහු යා යුතුව තිබූ දිනයේය.

එසේ නොමැතිව සමාජ මාධ්‍ය ඔස්තාර්ලාට අවශ්‍ය දිනයේ නොවේ.

ජැක්සන්ට එරෙහිව අවි එසවූවන්ට  ඇටමැස්සාට කීමට ඇත්තේ මෙපමණකි.

දේශපාලනය නිසා වරප්‍රසාද ලබාගත් මේ රටේ එකම කලාකරුවා ජැක්සන් නොවේ.

එසේම අවසන් කලාකරුවා ද ජැක්සන් නොවන්නේ ‍ය.

ජැක්සන්ගේ ඇද හිස්‍ ය.

ඒ ඇදේ දැනටමත් ලෙඩෙක් සිටිනවාත් විය හැකිය.

එහෙත් කලා ක්ෂේත්‍රය තුල ජැක්සන් ඇති කළ හිඩැස කිසිවෙකුට පිරවිය නොහැකි වනු ඇත.

පසු සටහන:
ඇටමැස්සාගේ නිරීක්ෂණ:

ජැක්සන්ට වැඩියෙන්ම නිවන් සැප පැතුවේ ඔහුගේ බට ගලවන මෙන් පෝස්ට් දැමූ උදවිය ය.

ජැක්සන්ට අවසන් ගෞරව දැක්වූ බොහෝ පිරිසකගේ ශෝකය ෆොටෝ එකකට සීමා විය.

ජැක්සන් ගේ එම්බාම් එකට වඩා වැඩි මුදලක් ජැක්සන්ට අවසන් ගෞරව දක්වන්නට පැමිණි නිළියන් විසින් සැලුන්වලට පූජා කර තිබුණි.

Theleader.lk

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan