සජබ e කොළම (අශෝක ජයතුංග)

Date:

? මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියා ලබන වසරේ පැවැත්විය යුතු ඡන්ද කල් දාන්න ආණ්ඩුව කරන කුමන්ත්‍රණ වලට අපි ඉඩ දෙන්නේ නෑ – වි: නායක සජිත්.

? මාතර අසරණ වූ පවුල් 16,000 කට සජිත් හා ජලනි ප්‍රමුඛ සජබෙන් වියළි ආහාර මලු.

 ? වෙන රටවල උගතුන් රට හැරයාම 5% යි. ලංකාවෙ ඒක 8% යි. රටේ ජීවත්වීමේ අමාරුකම ඉන් පේනවා – සජිත්.

? කොළඹ තැන් 07 කට IS ත්‍රස්තයො ගහනවා කියල අණ්ඩුවෙ පත්තරයක් කිව්වා. මේකෙ සුලමුල රටට එළිකරන්න කියල ආණ්ඩුවෙන් ඉල්ලනවා – සජිත්.

? කොවිඩ් ගැන අනතුරු ඇගෙව්ව වගේ මාතරට වෙන විපත ගැනත් මම කිව්වම ගණන් ගත්තෙ නෑ. දැන් පෙරහැර ගිහින් ඉවරයි – සජිත් කියයි.

? යළිත් පොලිස්පති පත් කරගන්න බැරුව ආණ්ඩුව ලතවෙනවා. ගිය පාරත් ඔය වගෙමයි – මහලේකම් රංජිත්.

? රජයේ වැවිලි සමාගමක් ගම්මිරිස් කිලෝ දෙකක හොරකමකට ලක්ෂ 274 ක නඩු කියලා. දෙවරක් වැරදිකරු වූ අයෙක් GM කරලා. මොන පරිපාලනයක් ද – කිරිඇල්ල.

? දොස්තරල සෞඛ්‍ය අමාත්‍යාංශය වටලද්දි පොලීසිය දොස්තරල වටලා බලපෑම් හා තර්ජන කරලා. ප්‍රශ්න එතනමයි – වෛද්‍ය රාජිත.

? ජනතාවට ජීවිත එපා වන තරමට බදුබර පැටවෙද්දී පිරිසක් අරක්කු ස්ටිකර් වලින් රු කෝටි 8000 ක් බදු වංචා කරනවා – ආචාර්ය හර්ෂ.

? වරදාන වරප්‍රසාද හා තනතුරු වලට පක්ෂ මාරුකල අයට නසීර් ගෙ තීන්දුව එක්ක දැන් හීන්දාඩිය දාල ඉන්නේ – නලින් බංඩාර.

? ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඕන. ඒකට 2 / 3 සජබෙන් දෙන්නෙ නෑ. පොහොට්ටුවට කැරට් අලයක් මේ දීල තියෙන්නෙ – මරික්කාර්.

? ඇමතිකමට පැත්ත මාරුකල අයට එරෙහිව මෑතක දී දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජරාජීර්ණ වන දේශපාලනය උඩු යටිකුරු කිරීමක් – අජිත් පී.

? ජනාධිපතිතුමාට වුණේ හොර රංචුව ලඟට වැටුණ ගිරවට වෙච්ච දේයි. කෝට් එකට උඩින් එතුමට සාටකයක් දාගන්න වෙලා  – තුෂාර ඉඳුනිල්.

? අපි ජිනීවා ගිහින් පාටිදාලා වෙලාවට සමූළුවට නොගිය බවට බොරු වාර්තා පළකල පත්තරයට නඩු දානවා – නලින් බණ්ඩාර හා හෙක්ටර් අප්පුහාමි කියයි.

? පොහොට්ටුවට කඩේ ගිහින් රට වගේම තමනුත් අනාථ වූ තරුණ පරපුරෙන් සමහරක් රට ගොඩ ගන්න පුළුවන් මාළිමාවට බව හිතීම කබලෙන් ලිපට වැටීමක් – අර්ල් ගුණසේකර.

? පාස්තු ගැන නිසි පරීක්ෂණ නොකරන්නේ කවුරු හරි රැකීමේ උවමනාව මේ පාළකයන්ට තියෙන නිසාද – සජබ අසයි.

අශෝක ජයතුංග විසිනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...