කොහොමද සම්ප්‍රදායෙන් පිට හිතන්නේ ? දිලිත්ගෙන් පිළිතුරු

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

සෑම අයෙකුම ඉගෙන ගත යුත්තේ, රැකියාවක් හොයාගෙන යෑම නොව රැකියාවල් ලබාදීමට අවශ්‍ය වපසරිය සාදා ගැනීම බව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ව්‍යවසායකත්වය, මෙරට අධ්‍යාපනයේ විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කොළඹදී පැවති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී දේශනයක් සිදුකරමින් ඔහු ඒ බව කියා සිටියේය.

ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින්,

“මම අවුරුදු 30කට ආසන්න කාලයක් උත්සාහ කරනවා සමාජ ගත කරන්නට මේ ව්‍යවසායකත්ව සංකල්පය. කොහොමද සම්ප්‍රදායෙන් පිට හිතන්නේ ? නිර්මාණශීලිව හිතන්නේ ? වෙනස් විදිහට හිතන්නේ? එහෙම හිතලා ඒකෙන් අරමුණු ඉටුකරගන්නේ කියලා. කාලයාගේ ඇවැමෙන් මට සමාජ හැකියාවක් ටික ටික ලැබෙන්න ලැබෙන්න මට මේක සමාජ ගත කරන්න ලැබුණා. හැබැයි අවාසනාවකට වගේ අපිට ඒ සමාන අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ ව්‍යවසායකත්වය පිළිබඳව අධ්‍යාපනයක් ලබාගන්න. විෂය නිර්දේශයේ ව්‍යවසායකත්වය නැහැ. කොහෙවත් නැහැ නිර්මාණශීලිත්වය උගන්වන්නේ. අපේ කොහෙවත් උගන්වන්නේ නැහැ හිතන්න. හිතුන එකාට හිතුනා, හිතුන්නැති කෙනාට හිතුන්නේ නැහැ. මේක නිසා තමයි මේ සමාජය ඉදිරියට යන්නේ නැත්තේ. ඉගෙන ගන්න ඕනේ රස්සාවල් හොයාගෙන යන්න නෙමෙයි රස්සාවල් දෙන්න, රස්සාවල් හදන්න. මේක තමයි රටට ඕනේ, අපි කතාකරන්න ඕනේ මේක ගැන… හිතන්න නිර්මාණශීලිව ව්‍යවසායකයෙක් හෝ ව්‍යවසායිකාවක් වෙන්න. නැතිදේ ගැන හිතන්නේ එපා. එහෙම හිතුවනම් මමත් අද මෙතන නැහැ.” ලෙස කියා සිටියේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...

2026 අයවැයට වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා!

කොළඹ LNW:2026 අයවැය සඳහා වාහන ආනයනකරුවන් විසින් යෝජනා ඉදිරිපත්කර...