මෙතෙක් කල් තැපෑලෙන් යවපු හිමිකම් ලියුම බෙදන්න මේ ආණ්ඩුව ලොකු උත්සවයක් තියලා. සිස්ටම් එක හොඳටම චේන්ජ් – නාමල්

Date:

වතු නිවාස සඳහා හිමිකම් පත්‍ර මෙතෙක් ජනතාව වෙත තැපෑලෙන් යැවූ නමුත් වත්මන් ජනාධිපතිවරයා විශාල උත්සවයක් තියා ඒ හිමිකම් පත්‍ර භාරදීමට කටයුතු කර ඇතිවා විනා ගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව නිවාස සාදා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කිව්වෙ ලොකු උත්සව මොකුත් කරන්නෙ නැහැ කියලා. නමුත් අද ජනාධිපතිතුමා බණ්ඩාරවෙල ලොකු උත්සවයක් කරලා ඔප්පු දෙනවා වතු නිවාස සඳහා. ගිය ආණ්ඩුවෙන් කියනවා ඒ කට්ටිය හැදුවෙ කියලා, මේ ආණ්ඩුවෙන් කියනවා මේ කට්ටිය හැදුවෙ කියලා ?

“ඇත්තටම ඔය දෙගොල්ලම ගෙවල් හදලා නෑ. තාම දෙන්නෙ හිමිකම් පත්‍ර විතරයි. මෙතෙක් කල් ඒක තැපෑලෙ ගියෙ. ඉතින් තැපෑලෙන් තමන්ට නිවසක් හිමි බවට තහවුරු කරලා යවපු ලියුම අතිගරු ජනාධිපතිතුමා අද ලොකු උත්සවයක් තියලා ඒ අයට බාරදෙනවා. ඒ කියන්නෙ ගෙයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා කියන ලියුම දෙන්නත් උත්සවයක් කරනවා. සිස්ටම් එක හොඳටම වෙනස් කරලා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) වැලිමඩ ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...