වරායට කන්ටේනර් ආවාට ඒවා නිදහස් කරන්නේ රේගුවෙන්. රේගුව අයිති මුදල් අමාත්‍යාංශයට – ඇමති වසන්ත

Date:

ප්‍රශ්නගත කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය නිසා බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා විෂයය ඉවත් කර ඇතැයි විපක්ෂය නගන චෝදනාවට කිසිදු පදනමක් නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක ඇමතිවරයා මාරු කළාය කියන එකට කිසි පදනමක් නැත්තේ කන්ටේනර් වරායට ආවාට වරායෙන් කන්ටේනර් නිදහස් කරන්නේ කස්ටම් එක. කස්ටම් එක අයිති මුදල් අමාත්‍යාංශයට. විපක්ෂයට කියන්න ඕනෑ ඉස්සෙල්ලා සම්බන්ධය හොයාගන්න කියලා. බිමල් රත්නායක ඇමතිතුමා මුදල් ඇමතිතුමා නෙවෙයිනෙ එහෙම මාරුවීමක් කරන්න ? අර ගියොත් වචනයක්, ආවොත් අලියෙක් වගේ තමයි විපක්ෂයේ චෝදනා”

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...