සෞදි අගනුවරට අඛණ්ඩව තෙවැනි දිනටත් හූති ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13:
යේමනයේ හූති සටන්කාමීන් සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව තෙවැනි දිනටත් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රියාද් දෙසට එල්ල වූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අහසේදී විනාශ කළ බව සෞදි බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර එහෙත් හූති සටන්කාමීන් පවසන්නේ කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.

පසුගිය දින කිහිපය තුළ රියාද් ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාර හතරකින් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වූ අතර ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා, ගුවන් සමාගම් රැසක් සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.

මේ අතර, ප්‍රහාරවලට පෙර සෞදි අරාබියේ මහජන අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුව ඇත.

සැප්තැම්බර් 29 වැනිදායින් පසු ඔක්තෝබර් 12 වැනිදා දක්වා මහජන අනතුරු ඇඟවීම් නිකුත් කර නොතිබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරන අතර අනතුරු ඇඟවීම් නිකුත් කිරීම නතර කිරීමට හේතුව සෞදි බලධාරීන් මෙතෙක් නිල වශයෙන් පැහැදිලි කර නොමැත.

ප්‍රහාරවලින් පසු සෞදි අරාබිය සිය ගුවන් ආරක්ෂක පද්ධතිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ. කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර, රියාද් වෙත එල්ල වන ප්‍රහාර සෞදි අරාබියේ ගුවන් ගමන් සහ ආර්ථික කටයුතු කෙරෙහි ද බලපෑම් ඇති කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර සැලසුම් කළ බවට ඉරානයට බ්‍රිතාන්‍යයෙන් චෝදනා – ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඉරානයේ විප්ලවීය...

IMF මුළුමනින්ම අත්හරින තැනකත් නෑ, යා යුතුමයි කියන තැනත් නෑ. අපට තව මාස 6ක් තියෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ලබන වසරේදී නැවතත් ජාත්‍යන්තර අරමුදල (IMF)...

‘Breaking Bad’ නළු RJ Mitte වයස අවුරුදු 34දී මියයයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඇමරිකානු...

පළාත් පහකට මි.මී. 100 – 150 තද වැසි – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 13) දිනයේදී ගිනිකොණ දිග...